අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සේලයින් හා ගෝස් දේශීයව

සේලයින් හා ගෝස් දේශීයව

(හේමන්ත තුසිත කුමාර) රාජ්‍ය අංශය සඳහා මූලික නික්ෂේපණ ද්‍රාවණ දේශීයව නිපදවා ලබා ගැනීම වැදගත් වන්නේ ඒ වෙනුවෙන් වැය කරන අති විශාල මුදල රට ඇතුලතම රඳවා ගත හැකි බැවිනි. මේ වෙනුවෙන් දේශීය සමාගමක් වන කෙලූන්…

(හේමන්ත තුසිත කුමාර)

රාජ්‍ය අංශය සඳහා මූලික නික්ෂේපණ ද්‍රාවණ දේශීයව නිපදවා ලබා ගැනීම වැදගත් වන්නේ ඒ වෙනුවෙන් වැය කරන අති විශාල මුදල රට ඇතුලතම රඳවා ගත හැකි බැවිනි. මේ වෙනුවෙන් දේශීය සමාගමක් වන කෙලූන් ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගමට සියලු පහසුකම් හා අනුමැතිය රජය ලබා දී ඇති අතර, එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන සඳහා අවශ්‍ය මූලික නික්ෂේපණ ද්‍රාවණ මිලට ගැනීමට නියමිතය. නික්ෂේපණ ද්‍රාවණ බෝතල් මිලියන 43ක් පමණ වාර්ෂිකව නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත ශාලාවක් පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත කරනු ඇත. 

සාමාන්‍ය සේලයින්, ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ, හාට්මාන් ද්‍රාවණ හා මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ශිරා මඟින් ඇතුළු කරන මූලික නික්ෂේපණ ද්‍රාවණ බෝතල් මෙලෙස ලංකාවේදී නිපදවීමට නියමිතය.

එමෙන්ම රජයේ රෝහල් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය ශල්‍ය ගෝස් දේශීය සැපයුම්කරුවන්ගෙන් මිල දී ගැනීම සඳහා රජය මේ වන විටත් පියවර ගෙන ඇත. ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි 2021 වර්ෂය සඳහා ශල්‍ය ගෝස් මීටර මිලියන 30ක් රුපියල් මිලියන 774ක මුදලකට දේශීය සැපයුම්කරුවන් 461 දෙනෙකු වෙතින් මිල දී ගනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සේලයින් හා ගෝස් දේශීයව | Lanka Newsweek