සේනා මර්ධනයට ඇමෙරිකානු වෛරසයක් ආනයනයට අවසර

පසුගිය කන්නයේදී මෙරට බඩ ඉරිඟු වගාවට මහත් හානියක් කළ සේනා දළඹුවා මර්දනය කිරිම සඳහා ඇමෙරිකාව විසින් සොයාගත් පරිසර හිතකාමී වෛරසය ශ්‍රී ලංකාවට ගෙන්වීමට අවසර ලබාදුන් බව පළිබෝධ නාශක රෙජිස්ටාර් සුමිත්…
පසුගිය කන්නයේදී මෙරට බඩ ඉරිඟු වගාවට මහත් හානියක් කළ සේනා දළඹුවා මර්දනය කිරිම සඳහා ඇමෙරිකාව විසින් සොයාගත් පරිසර හිතකාමී වෛරසය ශ්‍රී ලංකාවට ගෙන්වීමට අවසර ලබාදුන් බව පළිබෝධ නාශක රෙජිස්ටාර් සුමිත් අතපත්තු මහතා පවසනවා.
මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් අතපත්තු මහතා කියා සිටියේ මෙම වෛරසය කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා දැනට සේනා දළඹුවන් වාර්තා වි තිබෙන ප්‍රදේශවලට ඉසීමකට ලක් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
සේනා දළඹුවා මර්දනය කිරිම සඳහා අදාළ වෛරසය රට තුළට ගෙන්වීමට සැලසුම් කළද පළිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය අවසර ලබා නොදීම නිසා මෙතෙක් එම වෛරසය ගෙන්වීමට නොහැකි වි තිබෙන බවට කෘෂිකර්ම නිලධාරීන් පසු ගිය දිනවල චෝදනා කළා.
දැන්වීම
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්ද සේනා දළඹුවා මර්දනය කිරිම සඳහා කුඩා ජීවියෙකු යොදා ගැනීමට අත්හදා බැලීම සිදු කරමින් තිබෙන බවයි.
