අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සූර්යා වෙත යැමට අමෙරිකානු විද්‍යාඥයෝ සැරසෙති..!

සූර්යා වෙත යැමට අමෙරිකානු විද්‍යාඥයෝ සැරසෙති..!

පෘථිවියේ සිට සූර්යා වෙත ගමන් කිරීම සඳහා නව අභ්‍යවකාශ යානයක් කක්ෂගත කිරීමට විද්‍යාඥයින් පිරිසක් සූදානම් වෙති. අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම මෙහෙයුම…

පෘථිවියේ සිට සූර්යා වෙත ගමන් කිරීම සඳහා නව අභ්‍යවකාශ යානයක් කක්ෂගත කිරීමට විද්‍යාඥයින් පිරිසක් සූදානම් වෙති.

අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.පාර්කර් සොල්ර් ප්රෝබ් නමින් හැඳින්වෙන මෙම යානය මේ වන විට මේරි ලෑන්ඩ්හි තිබෙන අතර යානය  සෙනසුරාදා ෆ්ලෝරිඩා බලා පිටත් කිරීමට සූදානම් වේ.

මෙම මෙහෙයුම සඳහා සියලු වියදම් නාසා ආයතනය මගින් දරන අතර ඇස්තමේන්තු ගත මුදල  අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වන බව විදෙස් වාර්තාවල සඳහන් ය.

මෙම යානය සූර්යාට සැතපුම් මිලියන 4 ක් දුරින් ඒ  වටා වට 24ක් භ්‍රමණය කිරීමට නියමිත අතර එහිදී සූර්යා මගින් පෘථිවියේ උෂ්ණත්වයට කරන බලපෑම් ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද තොරතුරු සෙවීමට නියමිත බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.මේ යානය මේ අවුරුද්දේ  ජුලි මාසයේදී සූර්යා වෙත ගමන් කිරීමට නියමිතය.

(News 1st)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සූර්යා වෙත යැමට අමෙරිකානු විද්‍යාඥයෝ සැරසෙති..! | Lanka Newsweek