සූර්යයා දෙසට යෝධ වල්ගා තරුවක්

(හේමන්ත තුසිත කුමාර) නූතන යුගයේ දී සොයාගත් විශාලතම වල්ගා තරුව යැයි විද්‍යාඥයින් පවසන යෝධ වල්ගා තරුවක් සූර්යයා දෙසට ගමන් කරමින් සිටින අතර 2031 දී පෘථිවියට එහි ආසන්නතම ප්‍රවේශය ලබා දෙනු ඇත. මෙතෙක්…
(හේමන්ත තුසිත කුමාර)
නූතන යුගයේ දී සොයාගත් විශාලතම වල්ගා තරුව යැයි විද්‍යාඥයින් පවසන යෝධ වල්ගා තරුවක් සූර්යයා දෙසට ගමන් කරමින් සිටින අතර 2031 දී පෘථිවියට එහි ආසන්නතම ප්‍රවේශය ලබා දෙනු ඇත. මෙතෙක් වඩාත් දුර සිටදීම හඳුනාගත් වල්ගා තරුව මෙය වන අතර වල්ගා තරුව පිළිබඳව අධ්‍යනය කිරීමට විද්‍යාඥයින්ට ඇති තරම් කාලයක් හිමි වීම වාසියට කරුණකි.
මේ වල්ගා තරුව අපගේ සෞරග්‍රහ මණ්ඩලයට කලාතුරකින් පැමිණෙන අමුත්තෙකි: "එය මින් පෙර වසර මිලියන 3 ඇතුලත සෞරග්‍රහ මණ්ඩලයට පමිණ නැත" යනුවෙන් බර්න්ස්ටයින් විද්‍යාඥයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම වල්ගා තරුව මීට පෙර දැක ඇති වෙනත් ඒවාට වඩා බෙහෙවින් වෙනස් බව ඇමෙරිකානු ජාතික විද්‍යා පදනම පවසයි. එමෙන්ම මෙමගින් විශාල ආලෝක ප්‍රමාණයක් නිකුත් විය හැකි බවට අනුමාන කෙරෙයි.
දැන්වීම
වත්මන් වේගයෙන් වල්ගා තරුව වර්තමාන ස්ථානයේ සිට නෙප්චූන් කක්ෂය පසුකර 2031 දී සෙනසුරුගේ කක්ෂයට ළඟා වනු ඇතැයි ස්මිත්සෝනියන් සඟරාව පවසයි.
නිව් ඇට්ලස් පවසන පරිදි එම වස්තුව බොහෝ විට ප්ලූටෝගේ සඳ චරොන් තරම් දීප්තිමත්ව දිස් වීමෙන් පසුව නැවත අභ්‍යවකාශයට හැරී යනු ඇති බවය. එබැවින් පෘතුවි වාසීන්ට එහි ඡායාරූප ලබා ගැනීම සඳහා දුරේක්ෂ පවා යොදා ගත යුතු බව ඔවුන් පවසයි.
වල්ගා තරුව බොහෝ විට පැමිණියේ ඕර්ට් වලාකුළෙන් වන අතර එය සෞරග්‍රහ මණ්ඩලය වටා ඇති යෝධ ගෝලාකාර කවචයක් යැයි විශ්වාස කෙරේ. මෙවැනි දිගු කාලීන වල්ගා තරු බොහෝමයක් පැමිණෙන්නේ ඕර්ට් වලාකුළෙන් බව නාසා ආයතනය පවසයි.
ඕර්ට් වලාකුළෙන් පැමිණි මෙතෙක් අනාවරණය කරගත් විශාලතම වස්තුව එය විය හැකි අතර, වැඩිම දුරක සිට හඳුනා ගත් වල්ගා තරුවද මෙය වෙයි.
තාරකා විද්‍යාඥයින් සැක කරන්නේ ඕර්ට් වලාකුළ තුළ මෙම ප්‍රමාණයෙන් සොයා නොගත් තවත් වල්ගා තරු රාශියක් තිබිය හැකි බවයි.
වල්ගා තරුව බර්නාඩිනෙලි-බර්න්ස්ටයින් ලෙස නම් කර ඇත්තේ එම තාරකා විද්‍යාඥයින් දෙදෙනා එය සොයා ගැනීමෙන් පසුව ය. එහි නිල නාමය 2014 UN271.