අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සුසිල් ප්‍රේමජයන්ත ජනපතිට හෙළිදරව් වෙයි..!

සුසිල් ප්‍රේමජයන්ත ජනපතිට හෙළිදරව් වෙයි..!

(සුජිත් මංගල ද සිල්වා) සුසිල් ප්‍රේමජයන්තලා උත්සහ කළේ මහින්ද රාජපක්ෂලා එක්ක එකතුවෙලා තමා දේශපාලන වශයෙන් විනාශ කිරීමට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට ඉතා සමීප පිරිසක් සමග පවසා තිබෙන බව…

(සුජිත් මංගල ද සිල්වා)

සුසිල් ප්‍රේමජයන්තලා උත්සහ කළේ මහින්ද රාජපක්ෂලා එක්ක එකතුවෙලා තමා දේශපාලන වශයෙන් විනාශ කිරීමට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට ඉතා සමීප පිරිසක් සමග පවසා තිබෙන බව වාර්තාවේ.

සුසිල් ප්‍රේම ජයන්ත ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන්  ගෙන ගිය එම කුමන්ත්‍රණය තමාට හෙළිදරව් වූයේ පසුව යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී තිබේ.

දැන්වීම

මේ කුමන්ත්‍රණය පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ සහ විදේශීය තානාපති අංශ වගේම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද ජනාධිපතිවරයා වෙත සාක්කි සහ සාධක ඇතිව කරුණු හෙළිදරව් කළ බව “lankanewsweek” අප මීට පෙර  පැහැදිලිව කරුණු වාර්තා කර තිබිණ.

ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසන්නේ ඔහු මේ කුමන්ත්‍රණයට ඉඩ දී බලා ගෙන සිට ඇත්තේ  අභ්‍යන්තරයේ සිටින සැබෑ දේශපාලන සතුරන් හඳුනා ගැනීම සඳහා බවය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ පරාජය සම්බන්ධයෙන් මේ වන විට සුසිල් ප්‍රේමජයන්ත මහතාට ඍජුව චෝදනා එල්ල වෙමින් පවතින අතර ඊට හේතු වී තිබෙන්නේ එම මැතිවරණයේ සියලු මෙහෙයුම් කටයුතු ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදුවීමය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දුමින්ද දිසානායක මහතා සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත එම චෝදනාව ඍජුවම එල්ල කරමින් සිටින අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ වන තුරුත් මේ චෝදනාවලට පිළිතුරු දී නොමැත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සුසිල් ප්‍රේමජයන්ත ජනපතිට හෙළිදරව් වෙයි..! | Lanka Newsweek