සුසිල්ලට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් මෛත්‍රීට 19 මතක් වෙලා

20 අහෝසි කර වහාම 19 ගෙන ආ යුතුයි අලුත් ගමනකට ශ්‍රීලනිපය සූදානම් තනි පක්ෂයකට යළි ආණ්ඩු පිහිටු වනු බැහැ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අවලංගු කළ යුතු අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
20 අහෝසි කර වහාම 19 ගෙන ආ යුතුයි
අලුත් ගමනකට ශ්‍රීලනිපය සූදානම්
තනි පක්ෂයකට යළි ආණ්ඩු පිහිටු වනු බැහැ

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අවලංගු කළ යුතු අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු සකසා යළි ගෙන ආ යුතු යැයි හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කර සිටියි.
හොරුන්ගෙන්, දූෂිතයන්ගෙන් සහ වංචනිකයින්ගෙන් තොරව නව සංධාන ආණ්ඩුවක් යටතේ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් නව ගමනකට නායකත්වය ලබා දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් යැයි ද, තනි දේශපාලන පක්ෂයකට යළි ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි යැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.
දැන්වීම
හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ, මාතලේ "The Grand Mountain" හෝටලයේ පැවැති දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට ආණ්ඩුව හයේ පහරක් එල්ල කර ඇතැයි ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පෙන්වා දුන්නේය.
ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා සෑම ස්ථානයකම සිටින්නේ හොරුන් යැයි ද, ප්‍රාදේශීය සභාවේ සිටිද්දී වැලි පර්මිට් එකෙන් කොමිස් ගහන පුද්ගලයා පාර්ලිමේන්තුවට ගියාම ව්‍යාපෘතිවලින් සහ ටෙන්ඩර්වලින් කොමිස් ගසන්නේ යැයි ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.