අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සුරූපී කතුන් සහ සිසුවියන් වීඩියෝ කළ කොන්දොස්තර දැලේ..!

සුරූපී කතුන් සහ සිසුවියන් වීඩියෝ කළ කොන්දොස්තර දැලේ..!

තම ජංගම දුරකථනය මඟින් පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් ඉන් බසින අවස්ථාවේ සුක්ෂමව වීඩියෝ කළ තංගල්ල ප්‍රදේශයේ බස් රථ කොන්දොස්තරවරයකු ජංගම දුරකථන 03ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති…

තම ජංගම දුරකථනය මඟින් පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් ඉන් බසින අවස්ථාවේ සුක්ෂමව  වීඩියෝ කළ තංගල්ල ප්‍රදේශයේ බස් රථ කොන්දොස්තරවරයකු  ජංගම දුරකථන 03ක් සමඟ  අත්අඩංගුවට ගෙන ඇති බව  මිටියාගොඩ පොලිසිය පවසයි. මෙලෙස වීඩියෝ කර ඇත්තේ කාන්තාවන් හා පාසල් දැරියන් බස් රථයෙන් බසින අවස්ථාවේදී බසයේ පහළ  පඩිය වෙත ගොස්  ඉතා සුක්ෂම අයුරිණි.  ජංගම දුරකථනයෙන් ඔවුන්ව වීඩියෝ කළ දර්ශන රැසක් මොහුගේ ජංගම දුරකථනවල තිබී සොයා ගත් බව  පොලිසිය පවසයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී  විදේශිකයින්ට පෙන්වීම සඳහා මෙම දර්ශන වීඩියෝ ගත කර ඇති බවත්,  ඇතැම්  පෞද්ගලික බස් රථවල මෙය  ජාවාරමක් ලෙසින් ක්‍රියාත්මක වන බවත් සැකකරුගෙන්  ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය විසින්  අනාවරණය කරගෙන ඇත.

 එබැවින් විමසිලිමත්ව බස්රථවල ගමන් කරන්නැයි මිටියාගොඩ පොලිසිය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සුරූපී කතුන් සහ සිසුවියන් වීඩියෝ කළ කොන්දොස්තර දැලේ..! | Lanka Newsweek