අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සුමන්තිරන් වනසන දමිළ කොටි-කළු මාධ්‍ය ඒකාබද්ධ මෙහෙයුම..!

සුමන්තිරන් වනසන දමිළ කොටි-කළු මාධ්‍ය ඒකාබද්ධ මෙහෙයුම..!

තිරුචෙල්වම්ට කොටි ලේබල් ගහපු අය..! සුමන්තිරන්ට මාධ්‍ය මෙච්චර ගහන හේතුව..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) ආචාර්ය නීලන් තිරුචෙල්වම් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකි. ඔහු දෙවැනි වතාවටත් ජාතික…

තිරුචෙල්වම්ට කොටි ලේබල් ගහපු අය..!

සුමන්තිරන්ට මාධ්‍ය මෙච්චර ගහන හේතුව..!

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

ආචාර්ය නීලන් තිරුචෙල්වම් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකි. ඔහු දෙවැනි වතාවටත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවේ 1994 දීය. ඔහු 1994 මහ මැතිවරණයේදීත්, 1994 ජනාධිපතිවරණයේදීත් චන්ද්‍රිකාගේ ජයග්‍රහණය වෙනුවෙන් තිරය පිටුපස විශාල කාර්යභාරයක් ඉටු කළ අයෙකි.

එක් වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තු බහුතරය හදාගත් හෙලවෙන දතක්වන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව ආරක්ෂා කර ගන්න ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සහාය ලබාදුන්නේද ඔහුය. උතුරට බලය බෙදන චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති ජි.එල්. පීරිස්ගේ පැකේජයේ සම කර්තෘ ද ඔහුය. ඔහු හිතුවේ පැකේජයෙන් ප්‍රභාකරන්ව උතුරෙන් සහ ජාත්‍යන්තරයෙන් කොන් කළ හැකි බවය.

දැන්වීම

එකල දකුණේ දේශප්‍රේමින් තිරුචේල්වම්ව හැඳින්වුයේ කොටි ඒජන්තයෙකු ලෙසය. ප්‍රභාකරන්ගේ වුවමනාවට රට බෙදන්න එන බැටළු හම පොරවා ගත් කොටියෙක් ලෙසය. මෙම දේශප්‍රේමියෝ එකල රට බෙදන ජි.එල්.තිරුචෙල්වම් පැකේජයට එරෙහිව රටම ගිනි තැබුහ. කොටියා කියා තිරුචේල්වම්ගේ පඹයින් පිලිස්සුහ. හැබැයි එක් දිනක තිරුචෙල්වම් කිංසි පාරේ ඔහුගේ කාර්යාලය අසලදී එල්.ටී.ටී.ඊ.යේ  මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින්  සහාසික ලෙස ඝාතනය කරනු ලැබිය. තිරුචෙල්වම්ගේ සිරුරේ කැබලි මහ පාරේ මැද සීසීකඩ වී තිබිණි. තිරුචෙල්වම්ගේ ඝාතනය ප්‍රභාකරන් සාධාරණිකරණය කළේ ඔහු ඊළාම් රාජ්‍යයේ ද්‍රෝහියකු ලෙස හංවඩු ගසමින්ය. ඔහු උතුරේත්, ජාත්‍යන්තරයේත් එල්.ටී.ටී. ඊ.ය විනාශ කිරීමට කුමන්ත්‍රණය කළ කුමන්ත්‍රණ කාරයෙක් යැයි ටැමිල් නෙට් කීය.

අද මේ දේශප්‍රේමින් තිරුචෙල්වම්ගෙන් පසු උතුරෙන් පාර්ලිමේන්තුවට ආ බුද්ධිමතකු වන සුමන්තිරන්ට පහර ගහන්නේ ඔහු රට බෙදන කොටියකු හැටියට හංවඩු ගසමිනි. එදා දකුණේ දේශප්‍රේමින් තිරුචෙල්වම්ට ගැහුවේ  ඔහු පැකේජයේ නිර්මාතෘවරයෙකු නිසා නොවේ. ඔහු චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ආරක්ෂකයෙකු නිසාය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටා ගන්න ඔහු බාධාවක් වූ නිසාය. එදා මේ දේශප්‍රේමින් තිරුචෙල්වම්ට ගහද්දි විසිල් ගැහුවේ  උතුරේ ප්‍රභාකරන්ය.  මන්ද ඔහුට ඕනෑ වුණේ මේ කරදරකරයා රටින් තොලොංචි  කරන ක්‍රමයක්ය. තිරුචෙල්වම් ඝාතනයෙන් ඔහුට කොටියා  කි දේශප්‍රේමීන්ට කට උත්තර නැති වී තොල කට වේළුණි. තිරුචෙල්වම් ඝාතනය තමන් දකුණේ නිර්වස්ත්‍ර කර ඇති බව ඔවුන් තේරුම් ගෙන තිබිණි.

අද සුමන්තිරන් කරන්නේ එදා නීලන් තිරුචෙල්වම් රඟපාපු චරිතයය. ඔහු මෛත්‍රීපාල  බලයට ගේන්න විශාල කාර්යභාරයක් කළ අයෙකි. ඒ සඳහා උතුරේ ජනතාව පෙලගස්වපු අයෙකි. 2015 ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්ද වර්ජනයක් කරන්න රාජපක්ෂලා කොටිඩයස්පෝරාව සමග සාකච්ඡා කළ බව දන්නේ ස්වල්ප දෙනෙකි. දමිළ ජාතික සන්ධානයේ සිටින කොටි හිතවාදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ලා , ගජේන්ද්‍ර කුමාර, පොන්නම්බලම්ලා  දමිළ ජාතික සන්ධානය ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු යැයි යෝජනා කළේ කොටි ඩයස් පෝරාවේ වුවමනාවටය.

එහිදී සන්ධාන නායක සම්බන්ධන් අසරණ විය. එම වර්ජන තීන්දුව කඩා කප්පල් කොට මෛත්‍රීට ඡන්දය දෙන තැනට සන්ධානය තල්ලු කර ගත්තේ සුමන්තිරන්ය. සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානය මෛත්‍රීට සහය දෙන තැනට තල්ලු කර ගත් විට කොටි ඩයස් පෝරාවට යකා නැග්ගේය. 2015 ජනාධිපතිවරණය මෛත්‍රී දිනාගත් පසු කොටි ඩයස් පෝරාව ප්‍රේමචන්ද්‍රන්ලා, ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම්ලා සුමන්තිරන්ට එරෙහි කැරැල්ලකට පාවිච්චි කළහ. ටැමිල් නෙට් තිරුචෙල්වම්ට වගේ සුමන්තිරන්ටත් ගහන්න පටන් ගත්තේය.

සුමන්තිරන් දමිළ ජනතාව දකුණේ සිංහල ආණ්ඩුවට පාවා දෙන ජුදාස් කෙනෙකු ලෙස හංවඩු ගසනු ලැබිය. සුමන්තිරන්ගේ ප්‍රශ්නය සන්ධානය තුළ කොයි තරම් ඔඩු දිව්වාද කියනවා නම් දමිළ ජාතික සන්ධානය දෙකඩ විය. එපමණක් නොව 2015 ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සහ යාපනයේදී කොටි ඩයස් පෝරාව සමුළු ගොඩනැගිල්ල ඉදිරි පිට සුමන්තිරන්ගේ පඹයින් පුච්චනු ලැබිය.

සුමන්තිරන් ද්‍රෝහියකු බව සඳහන් සටන් පාඨ උස්සා ගෙන විරෝධතා දක්වනු ලැබිය. එහෙම බලන කොට අද දකුණේ සුමන්තිරන් විරෝධය දමිළ කොටි ඩයස් පෝරාවේ අමන්දානන්දයට හේතු වී ඇතුවාට සැක නැත.

අද මහින්දව අළු කළ කළු මාධ්‍ය සුමන්තිරන්ට ෆුට් බෝලයට වගේ ගහන්නේ කොටි ඩයස් පෝරාවේ වුවමනාවට විය හැකිය. මේ කළු මාධ්‍ය සිංහල උච්ඡාරණය අසමත් සුමන්තිරන්ව රුපවාහිනී විවාදවලට ගෙනවිත් මඩ වන්නේ කොටි ඩයස් පෝරාව පිනවන්න දැයි දන්නේ නැත. අද සුමන්තිරන් මේ කළු මාධ්‍යවලත් කළු මාධ්‍ය විසින් නටවන රූකඩ දේශප්‍රේමින්ගේත් හතුරකු බවට පත්ව ඇත්තේ ඔහු එජාප ආණ්ඩුව ආරක්ෂා කරන නිසාය. හෙට සුමන්තිරන් මහින්ද හොදයි කිවොත් හෙට සුමන්තිරන් ඔහුගේ වීරයෙකි. දකුණේ මේ දේශපාලනය මේ කොටි ඩයස් පෝරාව හොඳින් හඳුනයි.

ඔවුන්ගේ ඊළාම් හීනයට එරෙහි දෙමළ ජාතියේම නායකයන් දකුණේ දේශප්‍රේමින් අතින්ම විනාශ වනු දැකීම ඔවුන්ගේ බලපොරෝතුවය

සුමන්තිරන් වනසන දමිළ කොටි-කළු මාධ්‍ය ඒකාබද්ධ මෙහෙයුම..!
-ගුරුදා විග්‍රහය-
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
සුමන්තිරන් වනසන දමිළ කොටි-කළු මාධ්‍ය ඒකාබද්ධ මෙහෙයුම..! | Lanka Newsweek