අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සුනිල් වටගල සිනමන් ලයිෆ් එකෙන්ම අපාර්ට්මන්ට් එකක් අරන්..?

සුනිල් වටගල සිනමන් ලයිෆ් එකෙන්ම අපාර්ට්මන්ට් එකක් අරන්..?

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ ලක්ෂරි අපාර්ට්මන්ට් එකක් මිලට ගත්තා. සිනමන් ලයිෆ් මේ වෙද්දී ශ්‍රී ලංකාවේ මිල අධිකම සහ සුවපහසුම අපාර්ට්මන්ට් සංකීර්ණයක්. සිනමන් ලයිෆ් පහල, 2…

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ ලක්ෂරි අපාර්ට්මන්ට් එකක් මිලට ගත්තා. සිනමන් ලයිෆ් මේ වෙද්දී ශ්‍රී ලංකාවේ මිල අධිකම සහ සුවපහසුම අපාර්ට්මන්ට් සංකීර්ණයක්. සිනමන් ලයිෆ් පහල, 2 BR අපාර්ට්මන්ට් එකක් පටන් ගන්නේ රුපියල් මිලියන 150 න්. ඒ කියන්නේ කෝටි 15 ක්.

උඩට යන්න යන්න සහ නිදන කාමර ගණන වැඩි වෙද්දි මේ මිල වැඩි වෙනවා. සමාන්‍යය අපාර්ට්මන්ට් එකක් මිලියන 350 - මිලියන 450 රේන්ජ් එකක යනවා. ඉහලම නිවාස මිලියන 600 රේන්ජ් එකේ.

සුනිල් වටගල මහත්තයා මිලට ගත්තු අපාර්ට්මන්ට් එක මිලියන 350 - 450 රේන්ජ් එකේ යන අපාර්ට්මන්ට් එකක්. මිලට අරන් පැය 24 ක් ඇතුලේ මේ අපාර්ට්මන්ට් එක ෆර්නිචර් කරලා ඉතාම සුවපහසු නිවාසයක් බවට පත් කළා.

දැන්වීම

මෙවැනි අපාර්ට්මන්ට් එකක් ෆර්නිචර් කිරීමත් අවම වශයෙන් මිලියන 5 - 10 අතර වියදම් වෙන වැඩක්. දැන් වටගල මහත්තයා ජීවත් වෙන්නේ, සාද පවත්වන්නේ, ඩීල් සහ ගණුදෙනු කතා කරන්නේ මේ අපාර්ට්මන්ට් එකේ. කාර් පාර්ක් එකේ වටගල නියෝජ්‍ය ඇමතිතුමාගේ ඩිෆෙන්ඩර් දෙකත් හැමතිස්සෙම වගේ නවත්තලා තියෙනවා. අවශ්‍ය නම් කෙනෙකුට ගිහින් බලාගන්න පුලුවන්. 

මෙතන ගැටලුව වටගල, සිනමන් ලයිෆ් ලක්ෂරි අපාර්ට්මන්ට් එකක් මිලට ගැනීම හෝ එහි ජීවත් වීම නෙවෙයි.  මෙතන ගැටලුව ඔහුට එක්වරම එවැනි නිවාසයක් මිලට ගැනීමට මුදල් ලැබුණේ කොහෙන්ද කියන කාරණාව. ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයේත් මේ නිවස ඇතුලත් කර නැහැ. ඔහු පක්ෂය වෙනුවෙන් දේශපාලනය කළා මිසෙක නීතිඥයෙකු ලෙස කටයුතු කළේත් නැහැ.

එසේ නම් මේ කෝටි 35 - 45 අතර මුදල ඔහු උපයා ගත්තේ කොහෙන්ද කියන ප්‍රශ්නය එනවා. කෝටි 35 ක් කියන්නේ හිටපු ජනාධිපතිවරු පස්දෙනාම, අවුරුදු තුන හමාරක් නඩත්තු කිරීමට රජය වියදම් කළ මුදලට සමාන මුදලක්.

ආණ්ඩුව අරන් අවුරුද්දෙන් වටගල මහත්තයට නිධානයක් ලැබුණා වෙන්නට බැහැ. එම නිසා මේ නිවාසය මිලට ගැනීමට ඔහුට මුදල් ලැබුණු ආකාරය හෙළිවිය යුතුයි.  එමෙන්ම ඔවුන් නිර්ප්‍රභූ ලෙස හඳුන්වා ගන්න, සාමාන්‍ය ජනතාවට නොමැති සැපපහසු ජීවිතයක් ගත නොකරනවා ය කියන මිත්‍යාවත් හෙළිදරව් විය යුතුයි.

'සාමාන්‍ය ජනතාව' ජීවිතයම හම්බ කළත්, හම්බ කරන්න බැරි මුදලක් සුනිල් වටගල ගෙයක් වෙනුවෙන් වියදම් කරනවා. සාමාන්‍ය තරුණයො ජීවිත පටන් ගන්න සිහින මවන මුදල වගේ මුදලකින් වටගල ඒ ගෙදර ෆර්නිචර් කරනවා.

අඩුම තරමේ එය ඔහු ජනතාවගෙන් සඟවාගෙන ජීවත් වෙනවා.  

මම හිතන්නේ බලය අරන් අවුරුද්දක් ඇතුලත තමන්ගේ සාමාන්‍ය ජීවිතය මේ තරම් වෙනස් වෙච්ච දේශපාලඥයො පහුගිය ආණ්ඩු වලවත් හිටියේ නැහැ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සුනිල් වටගල සිනමන් ලයිෆ් එකෙන්ම අපාර්ට්මන්ට් එකක් අරන්..? | Lanka Newsweek