සුදු බැටළුවන් අතර සිටින කළු බැටළුවන් ගැන රවී හෙළි කරයි

මහනුවර සිද්ධියට පොලීසිය වග කිව යුතුයි..! රජයේ ප්‍රබලයනුත් ඒ අතර..? (නිලන්ති මානෙල්) සමාජ මාධ්‍ය ජාල රටේ යළි සක්‍රීය කළ යුත්තේ, ස්ථාවර වගවීමේ ක්‍රියාවලියකට යටත්ව බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක,කොළඹ…
මහනුවර සිද්ධියට පොලීසිය වග කිව යුතුයි..!
රජයේ ප්‍රබලයනුත් ඒ අතර..?
(නිලන්ති මානෙල්)
සමාජ මාධ්‍ය ජාල රටේ යළි සක්‍රීය කළ යුත්තේ, ස්ථාවර වගවීමේ ක්‍රියාවලියකට යටත්ව බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි.
ඔහු පෙන්වා දෙන්නේ ,ජාති වාදය ,ආගම් වාදය,අන්ත වාදය ව්‍යාප්ත කර රටේ සංහිඳියාව විනාශ කරමින් ,ජනාධිපතිවරයාට අගමැතිවරයාට, සහ තමාට වගේම සමස්ථ අමාත්‍ය මණ්ඩලයට ඇතුළු රජයට විරුද්ධව ජනතාව අතර වැරැදි මතයක්,සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන්නේ නම් එම තත්ත්වය කිසියම් පාලනයකට සහ අධීක්ෂණයකට යටත් කිරීමේ වරදක් නොමැති බවය.
දැන්වීම
රවී කරුණානායක මහතා මේබව පැවසුවේ කොළඹ , තොටළඟ,එක්සත් ජාතික පක්ෂ, කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.එහිදී වැඩි දුරටත් අදහස් දක්වූ රවී කරුණානායක මහතා මෙසේ ද කීය.
“උතුරු කොළඹ වැනි ආසනයක පවතින ජාතීන් සහ ආගම් අතර සංහිඳියාව රටටම ආදර්ශයක් සපයා දී තිබෙනවා. සමාජ මාධ්‍ය ජාල වගකීම් සහිතව කටයුතු කරන්නේ නම් කිසිවෙකු භීතියට පත් වී මේ අවශ්‍යතාවයක් නැහැ. මහනුවර ඇති වු ගැටුම්කාරී සිද්ධිවලට පොලීසිය මුළුමනින්ම වගකිව යුතුයි. ඒ වාගේම ජාතීන් සහ ආගම් අතර විරසකවීම් උත්සන්න කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල වගකිව යුතුයි. සමාජ මාධ්‍ය පාලනය කිරීමත් සමඟ ගැටුම් කාරී තත්ත්වය පාලනය වූ ආකාරය රටම තේරුම් ගත් කාරණයක් වුණා.ඒමෙන්ම මෙම ගැටුම්වලට අනුබල දුන් පිරිස් අතර රජයේ ඇතැමුන් සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. කොළඹ නගරයේ මෙවැනි ගැටුම් නිර්මාණය කිරීමට ඇතැම් දේශපාලනඥයින් උත්සාහ දැරූ බවත් එවැනි අවස්ථා පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කළ බවත් කිව යුතුයි. මහනුවර තෙල්දෙණිය දිගන ප්‍රදේශයේ අති වූ ගැටුම් පිටු පස රජයට සම්බන්ධ ප්‍රබල චරිත සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.මේ අනුව පැහැදිලි වන්නේ සුදු බැටළුවන් අතර කළු බැටළුවන් ද සිටින බවයි”