අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සුජාන් විජයවර්ධනගේ “Hi Tv” නිසා විජය පුවත්පත් සමාගම කඩා වැටෙයි..!

“ලංකාදීප” මාධ්‍යවේදීහු සිරි රණසිංහට හෙණ ඉල්ලති..!

සුජාන්ට එරෙහිව සිරි රණසිංහ රංජිත්ට ගතු කියලා..! දේශය-Lanka Women-තරුණයා මුද්‍රණය අත්හිටුවයි..? සේවක සේවිකාවන් සියයට පනහකින් අඩු කෙරේ..! සිරි රණසිංහගේ හොරකම් ප්‍රීති ද සිල්වා අල්ලයි..! (සුජිත් මංගල ද…

සුජාන්ට එරෙහිව සිරි රණසිංහ රංජිත්ට ගතු කියලා..!

දේශය-Lanka Women-තරුණයා මුද්‍රණය අත්හිටුවයි..?

සේවක සේවිකාවන් සියයට පනහකින් අඩු කෙරේ..!

සිරි රණසිංහගේ හොරකම් ප්‍රීති ද සිල්වා අල්ලයි..!

සුජාන් විජයවර්ධනගේ “Hi Tv” නිසා විජය පුවත්පත් සමාගම කඩා වැටෙයි..!

(සුජිත් මංගල ද සිල්වා)

“ලංකාදීප” සහ “ඉරිදා ලංකාදීප” ඇතුළු රටේ ජනප්‍රියම සිංහල,ඉංග්‍රීසි වගේම දෙමළ ජාතික පුවත්පත් ගණනාවක් ප්‍රකාශයට පත් කරන සීමාසහිත විජය පුවත්පත් සමාගම මේ වන විට උග්‍ර මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියි.

මේ හේතුවෙන් එම සමාගම ක්‍රමානුකුලව කඩා වැටෙමින් පවතින අතර මේ පසුබිම යටතේ විජය පුවත්පත් සමාගම අභ්‍යන්තරයේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් ද ඇති වී තිබේ.

දැන්වීම

මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ දෙටු පුත් සහ එම සමාගමේ නියෝජය සභාපති සුජාන් විජයවර්ධන මහතා,ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතාගේ නැගණිය වන අනුෂිකා රිශ්නි වීරරත්න මෙනවිය මූලික කර ගෙන හම සුදු ලස්සන කාන්තවන් සමූහයක්‌ පිරිවරා ගනිමින් ආරම්භ කළ “Hi Tv” විලාසිතා රුපවාහිනී නාලිකාවට සහ එහි සේවිකාවන්ට  එම සමාගමේ මුදල් රුපියල් කෝටි ගණනින් අත දිග හැර වියදම් කිරීම වගේම ඊට සාපේක්ෂව එම රුපවාහිනී නාලිකාවෙන් අදායමක් නොලැබීම බව සමාගමේ ප්‍රධානීහූ  පෙන්වා දෙති.

විජය පුවත්පත් සමාගමේ සේවක සේවිකාවන් “Hi Tv” විලාසිතා රුපවාහිනී නාලිකාව හඳුන් වන්නේ “සුදු අලියෙකු” ලෙස වන අතර එම නාලිකාවේ සේවක සේවිකාවන්ට අත දිග හැර වැඩිපුර සලකා සිය කණ්ඩායමට කුඩම්මාගේ සැලකුම් දැක්වීම පිළිබඳව ඒ අය “lankanewsweek” සමග සිය විරෝධය පළ කළහ.

මේ අතර “ලංකාදීප” ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සිරි රණසිංහ මහතා විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා සමග මුහුණට මහුණ කළ විශේෂ සාකච්ඡාවකදී ඍජුවම පෙන්වා දී තිබෙන්නේ සමාගමේ මුල්‍ය අර්බුදයට සහ කඩා වැටීමට හේතුව “Hi Tv” විලාසිතා රුපවාහිනී නාලිකාව සහ සුජාන් විජයවර්ධන මහතාගේ ක්‍රියා කලාපය බවය.

සිරි රණසිංහ මහතා වගේම “The Sunday Times” ප්‍රධාන කර්තෘ සිංහ රත්නතුංග සහ “ඉරිදා ලංකාදීප” ප්‍රධාන කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත යන මත්වරුන්ද සිටින්නේ සමාගමේ මුල්‍ය අර්බුදයට හේතුව “Hi Tv” විලාසිතා රුපවාහිනී නාලිකාව බවට වන ස්ථාවරයේය.

මේ මුල්‍ය අර්බුදයට මුහුණ දීම සඳහා සියලුම  සේවක සේවිකාවන් වෙනුවෙන් ගෙවන වාර්ෂික පාරිතෝෂික දීමනාව වහාම අත්හිටුවීමට ද,අවුරුද්දක් ඇතුළතදී සේවක සේවිකාවන් සංඛ්‍යාව සියයට පනහකින් අඩු කිරීමට ද,තෙමසක් ඇතුළතදී “දේශය”, “තරුණයා” සහ “Lanka Women” යන පුවත්පත් වසා දැමීමට ද විජය පුවත්පත් සමාගමේ කළමණාකාරීත්වයේ අවධානය යොමුව තිබේ.

විශාල අලෙවියක් සහ වාර්තා ගත දැන්වීම් අදායමක් ලැබූ “ලංකාදීප” පුවත්පතේ මුද්‍රණය පසු ගිය කාලයේදී 140,000 සිට 93,000 දක්වා පහත වැටී තිබිණ.

“ලංකාදීප” කර්තෘ මණ්ඩලයෙන් ද,පාඨකයින්ගෙන්ද,භාහිර සමාජයෙන් ද,ඊට එරෙහිව මතු වූ විරෝධය වගේම පුවත්පතේ අලෙවිය සහ දැන්වීම්අදායම දිගින් දිගටම අඩුවීම හමුවේ පුවත්පත් යම් මට්ටමකට සමබර කිරීමට සිරි රණසිංහමහතාට සිදු වූ අතර ඒ හේතුවෙන් පත්‍රයේ මුද්‍රණය මේ වන විට 10,8000 දක්වා යළි වැඩි වී තිබේ.

ඊට හේතු වූයේ එහි ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ දේශපාලන අවශ්‍යතා,න්‍යාය පත්‍රය සහ ආරක්ෂාව වෙනුවෙන් “ලංකාදීප” පුවත්පත් ගණිකා වෘත්තියේ යෙදවීම නිසාය.

මේ අනුව තෙමසක් ඇතුළතදී “දේශය” සහ “අද” පුවත්පත්පත් දෙක වසා දමන තුරු එම පුවත්පත් දෙක “ටැබ්ලොයිඩ්” ප්‍රමාණයෙන් මුද්‍රණය කර අලාභය අවම කර ගැනීමට ද විජය පුවත්පත් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව “ලංකාදීප” පුවත්පතේ ඉන්ද්‍රානි පීරිස්,ලයනල් පෙරේරා,චන්ද්‍රිකා විජේසුන්දර,රංජිත් ජයසිංහ,කොත්මලේ සිරිසේන,රොඩ්නි විදානපතිරණ යන මහත්ම මහත්මීන්ට ද, “ඉරිදා ලංකාදීප” පුවත්පතේ ඇලෙක්සැන්ඩර් බාලසූරිය,නන්දනී ගාල්ලගේ,දයාසීලි ලියනගේ සහ හේමචන්ද්‍ර ලියනගේ යන මහත්ම මහත්මීන්ට ද සිරි රණසිංහ මහතා ලබා දී තිබෙන්නේ හය මසක සේවා දිගුවකි.

රංජිත් ආනන්ද ජයසිංහ මහතා ප්‍රධාන කර්තෘ ධූරය දරන “දේශය” පුවත්පත මුද්‍රණය කරන්නේ 9000ක් පමණක් වන අතර ඒ සංඛ්‍යාවෙන් අලෙවි වන්නේ 5000ක් පමණය.කාංචන දසනායක මහතා ප්‍රධාන කර්තෘ ධූරය දරන “අද” පුවත්පත මුලින්  88,000ක් මුද්‍රණය කළත් මේ වන විට එම මුද්‍රණය 21,000 දක්වා අඩු වී තිබෙන අතර එම ප්‍රමාණයෙන් අලෙවි වන්නේ පුවත් පත්  12,000ක් පමණකි.

අවුරුද්දක් ඇතුළතදී සමාගමේ සේවක සේවිකාවන් සංඛ්‍යාව සියයට පනහකින් අඩු කිරීමට ද,එහි මුල් මාස තුන ඇතුළතදී සේවක සේවිකාවන් 200ක් සේවයෙන් පහ කිරීමට ද ඉහළ කළමණාකාරීත්වය ගෙන ඇති තීරණය බොර දියේ මාළු බෑමට යොදා ගනිමින් ඇති සිරි රණසිංහ මහතා සිදු කර තිබෙන්නේ එම තීරණයට මුවා වී සිය හෙංචයියන් සහ ඥාතීන් ආරක්ෂා කර ගනිමින් තමාට අවනත නොමැති ජ්‍යෙෂ්ඨ,ප්‍රවීණ සහ දක්ෂ ජන මාධ්‍යවේදීන්ට සේවා දිගු ලබා නොදී ඒ අය ගෙදර යැවීමය.

කෙසේ නමුත් හැත්තෑ නව හැවිරිදි “ඉරිදා ලංකාදීප”යේ පී.බී ඉලංගසිංහ මහතාට සිරි රණසිංහ මහතා අවුරුද්දක සේවා දිගුවක් ලබා දී තිබෙන අතර ඊට හේතු වී තිබෙන්නේ සිරි රණසිංහ මහතා ඉංග්‍රීසි භාෂාව හරි හැටි නොදන්නා නිසා ඉංග්‍රීසි භාෂාවෙන් ලැබෙන ලිපි ලේඛණ ඔහුට තේරුම් කර දෙන්නෙත් ඒ ලිපි ලේඛණ සඳහා  ඔහු වෙනුවෙන් ඉංග්‍රීසියෙන් පිළිතුරු ලිපි සකස් කර යවන්නෙත් පී.බී ඉලංගසිංහ මහතා වන නිසාය.

ඊට අමතරව “ඉරිදා ලංකාදීප”යේ සහ එහි ප්‍රධාන කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මහතාගේ සියලු ඕපාදුප ඇතුළු තොරතුරු සිරි රණසිංහ මහතාට ලබා දෙන්නේ ද පී.බී ඉලංගසිංහ මහතාය.

විජය පුවත්පත් සමගම අද වැටී ඇති තත්ත්වයෙන් යළි ගොඩ ගැනීම සඳහා එම සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රීති ද සිල්වා මහතා යළි සේවයට කැඳවා තිබේ.

ප්‍රීති ද සිල්වා යනු කලක් විජය පුවත්පත් සමාගමේ ගිණුම් අධ්‍යක්ෂකවරයාව සිට ආයතනයේ ඉහළ කළමණාකාරීත්වයේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව සේවය අත හැර ගිය දක්ෂ නිලධාරියෙකි.

මේ වන විට ඔහු ආයතනයේ කර්තෘ මණ්ඩල ඇතුළු සියලු දෙපාර්තමේන්තු සහ අංශවල බරපතල දුෂණ,වංචා සහ අක්‍රමිකතා රැසක් සොයා ගෙන තිබේ.

මෙහි විශේෂම කාරණය වන්නේ මේ කියන බරපතළ දුෂණ,වංචා සහ අක්‍රමිකතා රැසකට රංජිත් විජයවර්ධන මහතාගේ පවුලේම සාමාජිකයින් පවා,එනම් සුජාන් විජයවර්ධන මහතාගේ බිරියගේ පාර්ශවයේ සාමාජිකයින් ඇතුළු අය ද සම්බන්ධ වී සිටීම වන අතර ප්‍රීති ද සිල්වා මහතා රංජිත් විජයවර්ධන මහතා වෙත ඒ බව පැහැදිළිවම දැනුම් දී තිබේ.

සිරි රණසිංහ මහතා ඇතුළු විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කෙරෙන සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්වල කර්තෘවරුන් ගණනාවක් එම පුවත්පත් පාවිච්චි කරමින් දේශපාලකයින්ගෙන් වගේම ව්‍යාපාරිකයින්ගෙන් අයථා ලෙස මුදල් උපයා ඇති බව ද ප්‍රීති ද සිල්වා මහතා රංජිත් විජයවර්ධන මහතා වෙත වාර්තා කර ඇත.

ඊට අමතරව ප්‍රවාහන අංශයේ කළමනාකරු ශ්‍රී ලාල් දිසානායක සහ දැන්වීම් අංශයේ ප්‍රධානී සමන්ත වීරරත්න යන මහත්වරුන් කාලයක් මුළුල්ලේ කර ඇති මහා පරිමාණ දුෂණ,වංචා සහ අක්‍රමිකතා ද ඔහු සොයා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ද සභාපතිවරයා දැනුම්වත් කර තිබේ.  

සුජාන් විජයවර්ධනගේ “Hi Tv” නිසා විජය පුවත්පත් සමාගම කඩා වැටෙයි..!
සුජාන් විජයවර්ධනගේ “Hi Tv” නිසා විජය පුවත්පත් සමාගම කඩා වැටෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න