අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සීමිත ඕවර් තරඟයේ ජය වේල්ස් කුමරුවෝ සතු කර ගනී..!

සීමිත ඕවර් තරඟයේ ජය වේල්ස් කුමරුවෝ සතු කර ගනී..!

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදි පැවැති 34 වැනි වාර්ෂික එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5 ක තියුණු ජයක් අත්කර ගැනීමට…

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදි පැවැති 34 වැනි වාර්ෂික එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5 ක තියුණු ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය වේල්ස් කුමර විදුහල් ක්‍රීඩකයෝ ඕවර 32.2 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 169 ක් ලබා සිටියහ. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඒ වන විට ඔවුන්ට තරගය ජයගැනීම සඳහා අවශ්‍ය වී තිබුණේ ලකුණු 164 ක් පමණි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට දක්ෂ පිතිහරඹයක නිතර වූ නුවනිඳු ප්‍රනාන්දු (76) සහ ජනිෂ්ක පෙරේරා (54) සමත් වූහ. එහිදී පන්දු 90 කට මුහුණදුන් නුවනිඳු හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර ජනිෂ්ක සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක සම්බන්ධතාවක්ද පැවැත්වීය.

දැන්වීම

ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 කට 218
(නුවනිඳු ප්‍රනාන්දු 76, ජනිෂ්ක පෙරේරා 54, විනුජ රන්පුල් 37/3, පසිඳු පැතුම් 27/2)

වේල්ස් කුමර විදුහල - ඕවර 39.2 කදී කඩුලු 6 කට 169  
(සුවත් මෙන්ඩිස් 43, තරිඳු අමරසිංහ 36, ඔමේෂ් මෙන්ඩිස් 34)

(ලංකාදීප)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සීමිත ඕවර් තරඟයේ ජය වේල්ස් කුමරුවෝ සතු කර ගනී..! | Lanka Newsweek