අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සීනි බදු වංචාකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරනු

සීනි බදු වංචාකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරනු

වැරදි නිවැරදි කිරීම සේම දූෂිතයන්ට දඩුවම් ලබාදීම ද වැදගත් වන නිසා සීනි බදු වංචාකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා…

වැරදි නිවැරදි කිරීම සේම දූෂිතයන්ට දඩුවම් ලබාදීම ද වැදගත් වන නිසා සීනි බදු වංචාකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

සීනී ආනයනය කිරීමේදී ගෙවිය යුතු බදු මුදල් එක්වරම වැඩි කිරීමට කටයුතු කිරීමට හරහා  මේ රටේ කිහිප දෙනෙකුට දැවැන්ත වංචාවක් සිදු කිරීමට අවස්ථාව සැලසීම මඟින් රටේ සාමාන්‍ය පාරිභෝගිකයන් මත එම බර පටවා තැබීම පමා වී හෝ ඉවත් කිරීමට රජය කටයුතු කර තිබීම ඉතා වැදගත්ය. ඒ ගැන අප සතුටු වන්නෙමු. එහෙත් ඒ වන විටත් ගබඩා පර්යන්ත තුළ තිබු විශාල සීනි තොග පිට වී ඇති බවට අපට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වේ. එමෙන් ම පසුව තීරණය වෙනස් කල ද මුලින් ගනු ලැබු තීරණය මඟින් මහජනතාවට දරන්නට සිදු වූ පීඩාවන් සැළකීමේදී  ඒ පිළිබඳව අපි බලවත් ලෙස කණගාටු  වන්නෙමු.

මෙයට පෙර අවස්ථාවක දී එක්වරම සීනි බදු අවම කිරීමට ගන්නා ලද තීරණය හේතුවෙන් රුපියල් 16,000,000 ක් පමණ වූ දැවැන්ත වංචාවක් සිදු වී ඇති ආකාරය පාර්ලිමේන්තුවේ අධික්ෂණ කාරක සභා දෙකකදී හා විගණකාධිපති වාර්තාව මඟින් ද පැහැදිලිවම හෙළිදරව් විය. එහෙත් ඒ ගැන මේ දක්වාම කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පැහැදිලි ය. එයට අමතරව සීනි, පිටි හා එවැනි අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ආනයනයේදී ද විශාල වංචා සිදුව ඇති බව මේ වන විට ඉතා පැහැදිලිය.

මෙවැනි අයථා සිදුවීම්වලට එරෙහිව පසුගිය කාලය පුරාම අප බලවත් හඬක් නගනු ලැබූවේ ඉතාමත් සත්භාවයෙනි. එමෙන් ම අප තවදුරටත් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මෙවැනි සිදුවීම් කිසි දිනෙක සිදු නොවීමට සියළුම බලධාරීන්ගේ වගකිම වන බවය. එමෙන් ම එවැනි තත්ත්වයන් යළි ඇති නොවීමට නම් මෑත භාගයේදී එවැනි වංචාවන්ට හවුල් වී ඇති සියළුම දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට පමුණුවා දඩුවම් දීම අනිවාර්ය වන බවද වැඩිදුරටත් අවධාරණය කරන්නෙමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සීනි බදු වංචාකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරනු | Lanka Newsweek