සීගිරි කැටපත් පවුරේ සංරක්ෂණ කටයුතු ඇරඹේ..!

(නිලන්ති මානෙල්) සීගිරිය කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව පසුගියදා අනාවරණයවීමත් සමග සීගිරිය කැටපත් පවුරේ අදාළ කොටසේ සංරක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. පුරාවිද්‍යා…


(නිලන්ති මානෙල්)
සීගිරිය කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව පසුගියදා අනාවරණයවීමත් සමග සීගිරිය කැටපත් පවුරේ අදාළ කොටසේ සංරක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.
දැන්වීම
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත රසායනික සංරක්ෂණය පිළිබඳ විශේෂඥයෝ සීගිරිය කැටපත් පවුරේ අදාළ කොටසේ සංරක්ෂණ කටයුතු ඊයේ (05) දිනයේදී ම ආරම්භ කළහ.ඒ දිලීර වර්ධනය වගේම උෂ්ණත්වය නිරීක්ෂණය සහ ගණනය කළ හැකි අධි තාක්ෂණික කැමරාද යොදා ගනිමිනි.
කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව පසුගියදා විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාව දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම තත්වයට වහා පිළියම් යෙදීම සඳහා සෑම පියවරක් ම ගන්නා ලෙසත්, අවශ්‍යතාව මත විදෙස් විශේෂඥ සහය ලබා ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබිණ.
මෙම දිලීර ව්‍යාප්තිය පිළිබඳ අදහස් දැක්වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා මේ තත්ත්වය සාමාන්‍යයෙන් දේශගුණික විපර්යාස සමඟ ඇති වන ස්වභාවික සංසිද්ධියක් බවත් රසායනික ප්‍රතිකාර හරහා නැවත යථා තත්වයට පත් කළ හැකි වනු ඇති බවත් සඳහන් කළේය.