සිරි රණසිංහ “ලංකාදීප” ඈවර කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5

විජය පුවත්පත් සමාගම දෙදරයි..! “ලංකාදීප-ඉරිදා ලංකාදීප” අලෙවිය බැහැලා..! ගමයි-පන්සලයි විකුණලා කෝටි ගණන් ගහලා..! රංජිත් -සුජාන් පිය පුතු ගැටෙති..! සිරි රණසිංහගේ පැටිකිරිය මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා)…
විජය පුවත්පත් සමාගම දෙදරයි..!
“ලංකාදීප-ඉරිදා ලංකාදීප” අලෙවිය බැහැලා..!
ගමයි-පන්සලයි විකුණලා කෝටි ගණන් ගහලා..!
රංජිත් -සුජාන් පිය පුතු ගැටෙති..!
සිරි රණසිංහගේ පැටිකිරිය මෙන්න..!
(සුජිත් මංගල ද සිල්වා)
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සහ “ලංකාදීප” ප්‍රධාන කර්තෘ සිරිසේන රණසිංහ නොහොත් සිරි රණසිංහ මහතා සිය දේශපාලන කුමන්ත්‍රණ සහ අල්ලස් ලබා ගැනීම වෙනුවෙන් “ලංකාදීප” සහ “ඉරිදා ලංකාදීප” යන පුවත්පත් දිගින් දිගටම ගණිකා වෘත්තීයේ යෙදවීම හේතුවෙන් පුවත්පත්වල අලෙවිය මේ වන විට ශීග්‍ර ලෙස පහත වැටී එම සමාගම අභ්‍යන්තරයේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබේ.
2018.09.07 වැනි සිකුරාදා වන තුරුම 1,48,000ක් මුද්‍රණය කළ දිනපතා “ලංකාදීප”පුවත්පත මේ වන විට මුද්‍රණය කරන්නේ 10,8000කි.සාමාන්‍යයෙන් සතියකට 4,82,000ක් මුද්‍රණය කළ “ඉරිදා ලංකාදීප” පුවත්පත 2018.09.09 වැනි ඉරිදා සිට මුද්‍රණය කරන්නේ 3,16,000ක් පමණකි.
ඒ කියන්නේ දිනපතා “ලංකාදීප” පුවත්පතේ මුද්‍රණය 40,000කින් ද “ඉරිදා ලංකාදීප” පුවත්පතේ මුද්‍රණය 1,66,000කින් ද අඩු වී තිබේ.සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බෙදාහැරීම් අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසුවේ “ලංකාදීප” සහ “ඉරිදා ලංකාදීප” යන පුවත්පත්වල අලෙවිය ක්‍රමානුකූලව අඩු වන තත්ත්වය හමුවේ පුවත්පත් දෙක මුද්‍රණය කරන ප්‍රමාණය ඉදිරියේදී තව තවත් අඩු කිරීමට සිදු වනු ඇති බවය.
මේ තත්ත්වය හමුවේ 5%ත් 10%ත් අතර ඉතා සුළු ප්රතිශතයක පැවති අලෙවි නොවන පුවත්පත් භාර ගැනීමේ ප්‍රතිශතය “ඉරිදා ලංකාදීපයට” අදාළව 25%ත් 30%ත් දක්වා ද දිනපතා “ලංකාදීපයට” අදාළව 20% දක්වා ද වැඩි කිරීමට සමාගමට සිදුව ඇතැයි පෙන්වා දුන් එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පුවත්පත් දෙක අලෙවියෙන් කෙතරම් පහත වැටී තිබෙනවා ද යන්න පිළිබඳව එමගින් මනාව පැහැදිළි වන්නේ යැයි ද සඳහන් කළේය.
“ලංකාදීප” සහ “ඉරිදා ලංකාදීප” පුවත්පත්වල කර්තෘ මණ්ඩල මාධ්‍යවේදීන් පිරිසක් “lankanewsweek” සමග පැවසුවේ මේ පුවත්පත් දෙක මෙසේ අලෙවියෙන් කඩා වැටීමට හේතු වී ඇත්තේ දේශපාලකයින්ගේ දුෂණ,වංචා සහ අක්‍රමිකතා හෙළි කරමින් ද,සමාජ,සංස්කෘතික සහ ආගමික අසාධාරණවලට එරෙහිව ද,අලුත් ලෝකය වගේම නවීන දැනුම,විද්‍යාව සහ තාක්ෂණයට අදාළව ද,රට-ජාතිය ගමන් කළ යුතු නිවැරදි දිශානතියට අදාළව ද ආන්දෝලනාත්මක,හරබර,සමබර සේම රස බර ප්රවෘත්ති,විශේෂාංග,වාර්තා පළ කරමින් පාඨකයාට සාධාරණය ඉටු කරන අතර මධ්‍යයේ මුලිකම වගකීම වන සමාජයේ පෙර ගමන්කරුවාගේ භූමිකාව ඉටු නොකිරීම සිරි රණසිංහ පැහැර හැර ඇති නිසා බවය.
සිය පාඨකයාට එවැනි සජීවී සක්‍රීය සහ ප්‍රබල පුවත්පතක් ලබා දීමට සිරි රණසිංහ ට නොහැකි වී තිබෙන්නේ ඔහු සිය තනතුර පාවිච්චි කරමින් තමා උපන් මාතර දෙයියන්දර ග්‍රාමයේ සහ කළුගල රජ මහ විහාරයේ සංවර්ධනයට යැයි කියමින් කලක් මුළුල්ලේ ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේ දේශපාලකයින්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් රුපියල් කෝටි ගණන් මුදල් ලබා ගනිමින් සිටින නිසා බවද ඔවුහු පැවසුහ.
මේ ලියුම්කරු “ලංකාදීප” කතෘ මණ්ඩලයේ මාධ්‍යවේදියෙක් ලෙස අවුරුදු 14ක් සේවය කළ අතර ඒ කාලයේදී සිරි රණසිංහ මහතා මේ ලියුම්කරු මාර්ගයෙන් එවකට එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීව සිටි දුමින්ද සිල්වා මහතාගෙන් රුපියල් ලක්ෂයක්ද, සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආචාර්ය මර්වින් ධනවර්ධන ගුරුගේ මහතාගෙන් රුපියල් ලක්ෂයක්ද, එවකට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි අකිල විරාජ් කාරියවසම් මහතාගේ මිත්රයකුගෙන් රුපියල් ලක්ෂයක්ද ලබා ගත්තේය.
කොළඹ හිල්ටන් හෝටලයේ පැවති සිරි රණසිංහ මහතාගේ දියණියගේ විවාහ උත්සවය සඳහා සම්පූර්ණ බර පැන දැරුවේ මිලින්ද මොරගොඩ මහතා වන අතර ඒ සම්බන්ධයෙන් කරුණු හෙළි කරමින් රන්ජන් රාමනායක මහතාද ඒ කාලයේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබිණ.
මිලින්ද මොරගොඩ මහතා කළ ඒ උපකාරය වෙනුවෙන් සිරි රණසිංහ මහතා දිනපතා “ලංකාදීප” ඉරිදා “ලංකාදීප” සහ දේශය ඇතුළු විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කෙරෙන පුවත්පත්වල ඔහුගේ “තීරු ලිපි” පළ කරමින් ඔහුට විශාල ප්‍රචාරයක් ලබා දෙමින් සිටියි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2007 සිට 2010 දක්වා විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි රෝහිත බෝගොල්ලාගම මහතා අල්ලා ගෙන සිරි රණසිංහ මහතා සිය බෑනා වන නිලාන් ද සිල්වා මහතා කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙස පත් කර ගැනීමට විශාල උත්සහයක් දැරූ අතර ජනමාධ්‍ය සහ දේශපාලන ක්ෂේශ්ත්‍රයේ එම ආරංචිය පැතිර යෑමත් සමග ඇති වූ ලැජ්ජාව හේතුවෙන් එම උත්සහය අත හැර දැමීමට ඔහුට සිදු විය.
අනතුරුව රටේ ප්‍රධානම පෙළේ “බෝල් පොයින්ට්” පෑන් සමාගමකින් සිය බෑනාට ඉහළම තනතුරක් සහිත රැකියාවක් සොයා දුන් සිරි රණසිංහ මහතා එම සමාගමේ දැන්වීම් සඳහා සිය බලය පාවිච්චි කරමින් විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කෙරෙන පුවත්පත්වලින් 50%ක වට්ටමක් එම සමාගමට ලබා දුන් අතර විජය පුවත්පත් සමාගමේ පුවත්පත්වල කර්තෘ මණ්ඩල ඇතුළු සියලු දෙපාර්තමේන්තු සඳහා එම සමාගමේ “බෝල් පොයින්ට්” පෑන් වර්ගය නිර්දේශ කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතාටද සිරි රණසිංහ මහතා දිනපතා “ලංකාදීප” පත්‍රයේ “ඉස්කෝල හන්දිය” යන තේමාව යටතේ “තීරු ලිපියක්” ලබා දී තිබෙන අතර ඔහුට එම “තීරු ලිපිය” ලබා දී ඇත්තේ මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ “ලයිසියම්” ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක් ලෙස සිය දියණිය බඳවා ගැනීම නිසාය.
ඊට අමතරව සිරි රණසිංහ මහතා කාලයක් තිස්සේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෝඨාභය රාජපක්ෂ,රංජිත් සියබළාපිටිය සහ නිර්මල කොතලාවල ඇතුළු දේශපාලකයින් ගණනාවකට “තීරු ලිපි” ඔස්සේ “ලංකාදීප” සහ “ඉරිදා ලංකාදීප” ඇතුළු විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කෙරෙන පුවපත්වලින් විශාල ප්‍රසිද්ධියක් ලබා දෙමින් සිටියි.
දේශපාලකයෙක් හෝ වේවා,රාජ්‍ය නිලධාරියෙක් හෝ වේවා, පාඨකයෙක් හෝ වේවා,ස්ථිර ලිපියක් පුවත්පතකට අකණ්ඩව සපයන විට ඒ ලිපියට අදාළ පුවත්පතින් මුදලක් ගෙවීම සාමාන්‍ය සම්ප්‍රධාය වේ. සිරි රණසිංහ මහතාගේ මැදිහත් වීමෙන් දිනපතා ලංකාදීප සහ “රිදා ලංකාදීප” ඇතුළු විජය පුවත්පත් සමාගමේ පුවත්පත්වල පළ වන සියලුම දේශපාලකයින්ගේ සහ රාජ්‍ය නිළධාරීන්ගේ “තීරු ලිපි” වලට අදාළ ගෙවීම් ලබා ගන්නේ ඔහුය.
මේ වන විට රාජ්‍ය නිලධාරියෙකුද නොවන ඇමරිකානු පුරවැසියෙකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිරි රණසිංහ මහතා පුවත්පතක සාමාන්‍ය “ තීරු ලිපි සම්ප්රදාය”ද උල්ලංගනය කරමින් බ්‍රහස්පතින්දා “ලංකාදීප” පුවත්පතේ “Three Colum” ලිපියක් භාර දී තිබේ.
මේ අතර 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වුනාට පසුව කොළඹ විජේරාමයේ පිහිටි ඔහුගේ දේශපාලන කාර්යාලයේ පැවති ජාතික පුවත්පත්වල කර්තෘවරුන්ගේ හමුවේදී මහින්ද රාජපක්ෂ මහතා සිරි රණසිංහ මහතාට විශේෂ පොරොන්දුවක් දී ඇත.
ඒ 2020දි යහ පාලන ආණ්ඩුව පෙරළා සිය ආණ්ඩුවක් ගොඩ නැගුවාට පසුව දකුණු පළාතේ ආණ්ඩුකාර ධූරය සිරි රණසිංහ මහතාට ලබා දෙන බවටය.එම ස්ථානයේ සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් කර්තෘවරයෙකු ඒ පිළිබඳ තොරතුර ඔහුට ලබා දී ඇති අතර අගමැතිවරයාගේ මාර්ගයෙන් එම තොරතුර මීට කලකට පෙර “Lankanewsweek” කණ්ඩායමට ලැබිණ.
“ලංකාදීපයට” මේ ඉරණම අත්ව තිබෙන්නේ සිරි රණසිංහ මහතාගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා බව පෙන්වා දෙන එම පුවත්පතේ මාධ්‍යවේදීහූ මේ ප්රශ්නය හේතුවෙන් විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන සහ උප සභාපති වන ඔහුගේ පුත් සුජාන් විජයවර්ධන මහතා අතර ද ප්‍රශ්න ඇති වී තිබෙන “lankanewsweek” සමග පැවසූහ.
සිරි රණසිංහ මහතා “ලංකාදීප” කර්තෘ ධූරයෙන් පහ කර ඊට සුදුසු සහ දක්ෂ වගේම අලුතින් සිතන කර්තෘවරයකු පත් කළ යුතු බවට සුජාන් විජයවර්ධන මහතා තර්ක කරන අතර සිරි රණසිංහ මහතා සිය හිතවතෙකු සමග කියා තිබෙන්නේ “ලංකාදීප”පුවත්පතේ අලෙවිය ලක්ෂයට අඩු වුණොත් තමා මේ අවුරුද්ද අවසානයේදී සිය ධූරයෙන් ඉල්ලා අස් වන බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
