සිරිකොත සේවකයින් අනාථයි-වැටුප් නැහැ-බෝනස් නැහැ

අවුරුදු කන්න නොවෙයි ලෙව කන්න වෙලා "සේවකයින් 45ක් බලා ගන්න බැරි එජාපය රටක් බලා ගන්නේ කොහොමද" "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප සහ සිංහල-හින්දු අලුත් අවුරුදු…
අවුරුදු කන්න නොවෙයි ලෙව කන්න වෙලා
"සේවකයින් 45ක් බලා ගන්න බැරි එජාපය රටක් බලා ගන්නේ කොහොමද"

"සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප සහ සිංහල-හින්දු අලුත් අවුරුදු පාරිතෝෂික දීමනාව මේ දක්වාම නොගෙවීම හේතුවෙන් එම සේවක සේවිකාවෝ අන්ත අසරණ වී සිටිති.
මේ සම්බන්ධයෙන් ඉතා වේදනාවෙන් සහ ආවේගයෙන් යුතුව "lankanewsweek" වෙත අදහස් දැක්වූ "සිරිකොත" මන්දිරයේ සේවක සේවිකාවන් පිරිසක් මෙසේ පැවසූහ.
දැන්වීම
මාර්තු මාසයේ වැටුප තවම නැහැ. අලුත් අවුරුදු පාරිතෝෂික දීමනාවත් නැහැ. ගිය සිංහල-හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාරිතෝෂික ගෙව්වෙත් නැහැ. එහෙම වුණේ එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ පළමු වතාවට. ඒ අවස්ථාවේ පක්ෂයේ මහා ලේකම් ලෙස සිටියේ අකිල විරාජ් කාරියවසම් මහතා. අද මහා ලේකම් ලෙස සිටින්නේ පාලිත රංගේ බණ්ඩාර මහතා. ඔහු යටතේත් පාරිතෝෂික නැහැ. වැටුපුත් නැහැ.
මේ ගැන රනිල් වික්‍රමසිංහ නායකතුමාට, රුවන් විජයවර්ධන නියෝජ්‍ය නායකතුමාට, වජිර අබේවර්ධන සභාපතිතුමාට සහ පාලිත රංගේ බණ්ඩාර මහා ලේකම්තුමාට කිව්වා. ඒත් වැඩක් නැහැ. ඔක්කොම නායකයෝ එක එක්කෙනාට බොලේ පාස් කරනවා විතරයි. හැම මාසයකම මේ වැටුප් ප්‍රශ්නය එනවා. ඊට විසඳුමක් නැහැ. කිසිම දෙයක් කර ගන්න බැරිව සේවක සේවිකාවෝ අන්ත අසරණ වෙලා.
"සිරිකොත" මන්දිරයේ සේවය කරන්නේ සේවක සේවිකාවන් 45යි. ඒ අයට වැටුප් ලබාදීමට මාසයකට වැය වන්නේ රුපියල් ලක්ෂ 14 1/2 යි. "සිරිකොත" ගණකාධිකාරීවරයා වන එම් ගෆූර් මහතා නිවාඩු ලබා ගෙන ගෙදර ගියා. එතුමා යළි එන්නේ සඳුදා (05). "සිරිකොත" සේවක සේවිකාවෝ 45 බලා ගන්න බැරි පක්ෂය සහ පක්ෂයේ නියෝජ්‍ය නායකයා ඇතුළු නිලධාරී මණ්ඩලය රටක් බලා ගන්නේ කොහොමද..?