සිරිකොත වැටුප් ගෙවා නැහැ-සේවකයින් හැඬු කඳුලින්

වැටුප් ගෙවන්න රු. ලක්ෂ 16ක් හොයා ගන්න බැරි රුවන් පක්ෂය ගොඩනගන්නේ කෙසේද..? වැටුප් නොගෙවූ බව රනිල් දන්නේ නැතිලු රනිල්ට-රුවනට-අකිලට සේවකයෝ ශාප කරති "සිරිකොත" සේවක සේවිකාවන් ඔක්කොම 45යි (සුජිත් මංගල ද…
වැටුප් ගෙවන්න රු. ලක්ෂ 16ක් හොයා ගන්න බැරි රුවන් පක්ෂය ගොඩනගන්නේ කෙසේද..?
වැටුප් නොගෙවූ බව රනිල් දන්නේ නැතිලු
රනිල්ට-රුවනට-අකිලට සේවකයෝ ශාප කරති
"සිරිකොත" සේවක සේවිකාවන් ඔක්කොම 45යි

(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන "සිරිකොත" මන්දිරයේ සේවය කරන සේවක සේවිකාවන්ගේ මාසික වැටුප් ගෙවීම සඳහා රුපියල් ලක්ෂ 16ක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයකට එම පක්ෂය ඇද වැටී මේ වන විට බංකොලොත් භාවයට පත් වී තිබේ.
සිය සැප්තැම්බර් මාසයට අදාළ වැටුප මේ වන තුරුත් නොගෙවීම හේතුවෙන් "සිරිකොත" සේවක සේවිකාවෝ අතිශයින් අන්ත අසරණ භාවයට පත්ව සිටින අතර "සිරිකොත" මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙකු "lankanewsweek" වෙත පැවැසුවේ මේ හේතුවෙන් මාසික ගෙවල් කුලිය, දූ දරුවන්ගේ අධ්‍යාපන වියදම්, කෑම-බීම සඳහා කඩෙන් ණයට ගත් බඩුවල මුදල්, විදුලිය බිල සහ දුරකථන බිල ආදිය ගෙවා ගැනීමට නොහැකිව එම සේවක සේවිකාවන් හූල්ලමින් සිටින බවය.
දැන්වීම
"සිරිකොත" සේවක සේවිකාවන් ගෙවුණු බ්‍රහස්පතින්දා (01) එම මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කර ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබෙන්නේ "සිරිකොත" සේවක සේවිකාවන්ට වැටුප් ගෙවා නොමැති බව තමා නොදන්නා බවය.
ඉතා ඉක්මනින්ම මෙම වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට නියෝග කිරීමට එම සේවක සේවිකාවන් හමුවේ පොරොන්දු වී ඇති රනිල් වික්‍රමසිංහ මහතා එතෙක් ඉවසා සිටින ලෙස ද ඉල්ලීමක් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණ ඇතුළු පක්ෂ සංවිධානවල ප්‍රබල ක්‍රියාකාරීන් ලෙස සිටින තරුණ තරුණියන් පිරිසක් "lankanewsweek" සමග අදහස් දක්වමින් ප්‍රශ්න කර සිටියේ "සිරිකොත" මූලස්ථානයේ සේවය කරන සේවක සේවිකාවන් 45 ට මාසික වැටුප ගෙවීම සඳහා රුපියල් ලක්ෂ 16ක් සොයා ගත නොහැකි එම පක්ෂයේ අභිනව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනගා ජයග්‍රහණය කරා මෙහෙය වන්නේ කෙසේද කියාය.
