අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සිරකරුවන් ළඟ ඇති දුරකථන සෙවීමට විශේෂ උපකරණයක්..!

බන්ධනාගාර 02ක් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට..!

(නිලන්ති චන්ද්‍රසේන) බන්ධනාගාරගතව සිටින රැඳවියන් රහසිගතව තමන් ළඟ තබාගෙන ඇති ජංගම දුරකතන හඳුනා ගැනීම සඳහා විශේෂිත උපකරණයක් සවි කිරීම සඳහා මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ. මේ…

(නිලන්ති චන්ද්‍රසේන)

බන්ධනාගාරගතව සිටින රැඳවියන් රහසිගතව තමන් ළඟ තබාගෙන ඇති ජංගම දුරකතන හඳුනා ගැනීම සඳහා විශේෂිත උපකරණයක් සවි කිරීම සඳහා මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා  ප්‍රකාශ කර සිටියේ ජංගම දුරකථන භාවිතයෙන් විවිධ  ජාවාරම් බන්ධනාගාර රැදවියන් විසින් බන්ධනාගාර තුලදීම සිදු කිරීම අනාවරණය වීමත් සමග මෙම පියවර ගත් බවයි.

මේ වනවිට සංවිධානාත්මක අපරාධ කල්ලි 30 කට ආසන්න සංඛ්‍යාවක පුද්ගලයින් 170 ත් 200 ත් අතර සංඛ්‍යාවක්බන්ධනගාර ගතව සිටින අතර වැඩි වශයෙන් මෙවැනි රැදවියන් සිටින්නේ කළුතර ,මිගමුව සහ බුස්ස යන බන්ධනාගාරවල සිටින බව බන්ධනාගාර කොමසාරිස්වරයා පවසයි.

තවද බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් දුරකතන සංවාද තුන්දහසකට අධික ප්‍රමාණයක් පවත්වා ඇති බවට පොලිසිය මේ වනවිට කරුණු අනාවරණය කරගෙන ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු  පොලිස් විශේෂ කාර්ය බලකායආරම්භ කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සිරකරුවන් ළඟ ඇති දුරකථන සෙවීමට විශේෂ උපකරණයක්..! | Lanka Newsweek