සිය නියෝග නොතකා රැස්වූ අගමැතිගේ ආර්ථික කමිටුවට ජනපතිගෙන් චෝදනා..!

"මෙහෙම නම් ඉස්සරහට යන්න බැහැ" (උපුල් බණ්ඩාර) සිය නියෝගය නොතකා ආර්ථික කළමනාකරණ කමිටුව අඛණ්ඩව රැස්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී අද (27 ) අග්‍රාමාත්‍ය රනිල්…
"මෙහෙම නම් ඉස්සරහට යන්න බැහැ"
(උපුල් බණ්ඩාර)
සිය නියෝගය නොතකා ආර්ථික කළමනාකරණ කමිටුව අඛණ්ඩව රැස්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී අද (27 ) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එම කමිටුවට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.
මේ ආර්ථික කළමනාකරණ කමිටුව වහාම අහෝසි කරන ලෙසට පැහැදිළිව දැනුම් දී තිබියදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වී තව දුරටත් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි සිය කනස්සල්ල පළ කර ඇත.
දැන්වීම
මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට ඍජුව චෝදනා එල්ල කර ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා තව දුරටත් මේ ආකාරයට ඉදිරියට යා නොහැකි බවට ද අනතුරු අඟවා තිබේ.
එහිදී වහාම මැදිහත් වී ඇති මලික් සමරවික්‍රම මහතා මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.
මේ අතර මධ්‍යම අධි වේගී මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ජපානයේ අදාළ සමාගමට ලබාදීමේ දී මේ ආර්ථික කළමනාකරණ කමිටුව ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන් ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී චෝදනා කර තිබේ.