අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සිය ධූරයෙන් ඉල්ලා අස් වෙන්නැයි අගමැති විජයකාලාට දැනුම් දෙයි..!

සිය ධූරයෙන් ඉල්ලා අස් වෙන්නැයි අගමැති විජයකාලාට දැනුම් දෙයි..!

(සුජිත් මංගල ද සිල්වා) සිය ධූරයෙන් වහාම ඉල්ලා අස්වෙන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ළමා සහ කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට දැනුම් දී තිබේ. අග්‍රාමාත්‍ය රනිල්…

(සුජිත් මංගල ද සිල්වා)

සිය ධූරයෙන් වහාම ඉල්ලා අස්වෙන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ළමා සහ කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දී තිබෙන්නේ ළමා සහ  කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ (4) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ ඔහු හමුවූ අවස්ථාවේදීය.

විජයකාලා මහේස්වරන් රාජ්‍ය අමාත්‍යවරිය මෙසේ අරලියගහ මන්දිරයට පැමිණියේ කොළඹට පැමිණි වහාම තමා හමුවන්නැයි අග්‍රාමාත්‍යවරයා අඟහරුවාදා (3) කළ දැනුම් දීමකට අනුවය.

යාපනය වීරසිංහම් උත්සව ශාලාවේ පැවති උත්සවයකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඇයගෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇති ඇති අතර උද්ගත වී තිබෙන තත්ත්වය පිළබඳව ඇයට කරුණු පැහැදිළි කර දී රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වෙන්න යැයි දැනුම් දී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සිය ධූරයෙන් ඉල්ලා අස් වෙන්නැයි අගමැති විජයකාලාට දැනුම් දෙයි..! | Lanka Newsweek