අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සිය ධුර කාලය අවසන් කර සිය රට බලා යන චීන තානාපතිවරයා විපක්ෂ නායක හමු වෙයි

සිය ධුර කාලය අවසන් කර සිය රට බලා යන චීන තානාපතිවරයා විපක්ෂ නායක හමු වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර සුහද හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. මෙම හමුවේ දී මෙරට චීන…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර සුහද හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

මෙම හමුවේ දී මෙරට චීන තානාපති චී ෂෙන්හොං මහතා සිය ධුර කාලයේ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළ කර සිටියේය. 

දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව, ආයෝජන, වෙළෙඳාම, සංවර්ධන ආධාර සහ දෙරට අතර අඛණ්ඩ සබඳතා පවත්වා ගෙන යාමේ වැදගත්කම පිළිබඳ ව ද මෙහි දී විපක්ෂනායකවරයා සහ චීන තානාපතිවරයා  අතර අදහස් රැසක් හුව මාරු විය.

එසේ ම චීන තානාපති චී ෂෙන්හොං මහතාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළ විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාව සහ චීනය අතර නිර්මාණාත්මක සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරීත්වයක් පවත්වා ගෙන යාමේ වැදගත්කම ද නැවත නැවතත් මෙහි දී අවධාරණය කළේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න