අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සියලු සිත් පහන් කරවන - පහන්වැටි දැල්වේවා..!

සියලු සිත් පහන් කරවන - පහන්වැටි දැල්වේවා..!

හිටපු කථා නායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසූරිය මහතා විසින් සඳුදා (20) දිනට යෙදී තිබුණු දීපාවලී දින සැමරුම වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් සිය නිල FaceBook ගිණුම ඔස්සේ එදිනම නිකුත් කර තිබේ. එමගින් ඒ මහතා…

හිටපු කථා නායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසූරිය මහතා විසින් සඳුදා (20) දිනට යෙදී තිබුණු දීපාවලී දින සැමරුම වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් සිය නිල FaceBook ගිණුම ඔස්සේ එදිනම නිකුත් කර තිබේ. 

එමගින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ සියලු නුගුණ පරදා ගුණවත් සමාජයක නැවුම් අපේක්ෂාවත්, අඳුර පරදන ආලෝකයේ විශ්වාසයත් දීපාවලී දින සැමරුම මගින් මුළු ලොවටම බෙදා හරින බවයි. එම සුභ පැතුම් පණිවිඩය පහත දැක්වේ.

සියලු සිත් පහන් කරවන - පහන්වැටි දැල්වේවා !

ආදරණීය ශ්‍රී ලාංකික ද්‍රවිඪ ජනතාවත්, ලෝකවාසී ජනතාවත් එක්ව මහත් හරසරින් යුතුව සමරන "දීපාවලී උළෙල" සැබවින්ම අර්ථාන්විත සංස්කෘතික මංගල්‍යයකි. නරක අසුරන් පරදා ක්‍රිෂ්ණ දෙවියන් ජයගත් දිනය සංකේතාත්මකව ඔවුන් විසින් සමරනු ලබයි. සියලු නුගුණ පරදා ගුණවත් සමාජයක නැවුම් අපේක්ෂාවත්, අඳුර පරදන ආලෝකයේ විශ්වාසයත්, එමගින් අවධාරණය කරනු ලබයි.

දැන්වීම

සියලු පාපයන් අතහැර සිල්වත්ව කටයුතු කිරීම තුළින් සමාජයටත් ආධ්‍යාත්මිකව තමන්ටත් යහපතක් වීම මෙම ඓතිහාසික සංස්කෘතික මංගල්‍යයේ දී පසක් කරනු ලබයි. අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ද දේශනා කරන ලද දහමට අනුව පස් පවින් වැළකී දැහැමිව දිවි ගෙවීම මෙලොව සහ පරළොව සුගතිය පිණිස හේතු වේ. එබැවින් අද දින දීපාවලී දිනය හරසරින් සමරන්නා වූ ද ආධ්‍යාත්මිකව සමරන්නා වූ ද ශ්‍රී ලාංකික මෙන්ම ලොව පුරා විසිරී සිටින ආදරණීය ද්‍රවිඪ ජනතාවට මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමන අතරම බෞද්ධයන් ලෙස අප ද ඔබගේ මෙම සංස්කෘතික මංගල්‍යය හා එක්වන්නෙමු !

මෙම අතීත සංස්කෘතිකාංග තුලින් අප වෙත ලබා දෙන යහපත් වූ ආධ්‍යාත්මික මඟපෙන්වීම් අප ජීවිතයන් තුළ ප්‍රායෝගික යතාර්ථයක් බවට පත්කරගැනීමෙන් වඩාත් සුන්දර සමාජයක් ගොඩනැඟීමට මෙම දීපාවලී දිනයේ දී අප අදිටන් කරගත යුතුව ඇත.

ඔබ සැමට සතුට සැනසුමත් ජීවිතයේ ඇති කරගත් නැවුම් බලාපොරොත්තු ඉටු වන සුබ දීපාවලී දිනයක් වේවායි ප්‍රාර්තනය කරන්නෙමු !

සියලු සිත් පහන් කරවන - පහන්වැටි දැල්වේවා..!

- ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න