සියලු පාසල් සිකුරාදා නිවාඩු

(නිලන්ති මානෙල්) පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් සඳහා සිකුරාදා (09) නිවාඩු ලබා දී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මීට අමතරව, ඡන්ද පෙට්ටි සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය…
(නිලන්ති මානෙල්)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් සඳහා සිකුරාදා (09) නිවාඩු ලබා දී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මීට අමතරව, ඡන්ද පෙට්ටි සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ සහ භාර ගැනීමේ රාජකාරි කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත පාසල් 19 ක් ද අධ්‍යාපන විද්‍යාපීඨ දෙකක් ද පෙබරවාරි මස 07, 08 සහ 09 යන දිනවලදී ද වසා තැබීමට නියමිතය.
දැන්වීම
වසා තැබෙන සියලු ම පාසල් සහ අදාළ විද්‍යාපීඨ පෙබරවාරි මස 12 වැනි සඳුදා දින නැවත විවෘත කෙරෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් මේ මස 07,08 සහ 09 යන දිනවල වසා තැබෙන පාසල් සහ විද්‍යා පීඨ මෙසේය.