සියලු දෙනා එකට එක්ව 13 වහාම බලාත්මක කළ යුතුයි

මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් සියලු පාර්ශ්ව එකට එක් විය යුතු කාලය එළඹිලා මේ ජාතික ගැටලු විසඳීමේ වගකීම අනාගත පරපුරට භාර නොදෙනු එසේ වුණොත් මතු පරපුර අපට ශාප කරාවි කරු ජයසූරිය අවධාරණය කරයි උතුරේ සහ දකුණේ…
මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් සියලු පාර්ශ්ව එකට එක් විය යුතු කාලය එළඹිලා
මේ ජාතික ගැටලු විසඳීමේ වගකීම අනාගත පරපුරට භාර නොදෙනු
එසේ වුණොත් මතු පරපුර අපට ශාප කරාවි
කරු ජයසූරිය අවධාරණය කරයි
උතුරේ සහ දකුණේ අන්‍යෝන්‍ය විශ්වාසය ඇති කර ගනිමින් ජාතීන් සහ ආගම් පදනම් කර ගත් ගැටලු යළිත් ඇති නොකර, සෑම පුරවැසියෙකුටම ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් වීමේ අයිතිය ලබා දීම සහ එකී ගැටලු විසදීමේ වගකීම ඊළඟ පරපුරට භාර නොදීම සියලු පාර්ශවයන්ගේ ජාතික වගකීම සහ යුතුකම වන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
උතුරේ සහ දකුණේ අන්‍යෝන්‍ය විශ්වාසය ඇති කර ගනිමින් ජාතීන් සහ ආගම් පදනම් කර ගත් ගැටලු යළිත් ඇති නොවීමටත්, සෑම පුරවැසියෙකුටම ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් වීමේ අයිතිය ලබා දීමත්, එකී ගැටලු විසදීමේ වගකීම ඊළඟ පරපුරට භාර නොදීමත් අද අප හමුවේ ඇති යුතුකමකි.
එබැවින් ඒ් පිළිබඳව ප්‍රමුඛ සහ ගැඹුරු අවධානයක් යොමු කරමින් ඒ් සඳහා මැදිහත්වීම ඉදිරි මහ මැතිවරණයට පෙර සිදු කළ යුතුව ඇතැයි අපගේ බලවත් විශ්වාසයයි. ඒ් අනුව 09 වන පාර්ලිමේන්තු කාල සීමාවේ දී ඒ් පිළිබඳව අවධානය යොමු කරන ලෙස ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයෙන්ද, සමස්ත විපක්ෂයෙන් ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස ඉමහත් ඕනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නෙමු.
දැන්වීම
මෙකී කරුණුවලට අදාළව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව පසුගිය දා ගරු විපක්ෂනායකතුමා ද ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කර ඇති අතර වර්තමාන ගරු ජනාධිපතිතුමා, ජනතා විමුක්ති පෙරමුණ සේම හිටපු රාජ්‍ය නායකයින් වූ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සහ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ද සහයෝගය පළ කර ඇත.
දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බහුතරයක් මන්ත්‍රීවරුන් සේම ඉදිරියේ දී ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ජනාධිපති අපේක්ෂකවරුන් ද මෙම මතයේ දැඩිව සිටින බව අප විශ්වාස කරන්නෙමු. එකී සාධනීය අභිලාශයන් අප අගය කළ යුතුය.
මේ සියලු තත්ත්වයන් සළකා බැලීමේ දී වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගන්නා වට මේස සාකච්ජාවක් නොපමාව කැඳවමින් මෙම කරුණු නිරාකරණය කර ගන්නා ලෙස අප නැවත වරක් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
මෙහිදි අප සැළකිල්ලට ගත යුතු සහ අගය කළ යුතු තවත් කරුණක් වන්නේ එක් රටක් පදනම් කර ගනිමින් ජාතියක් ලෙස අප සපුරා ගත යුතු වැදගත් කරුණු වෙනුවෙන් ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාවේ සැළකිය යුතු කණ්ඩායමක් ද ඉදිරිපත්ව සිටිමය.
ඒ් පිළිබඳව මේ රටේ ජන සමාජය නියෝජනය කරන ප්‍රමුඛ පාර්ශ්වයන් ද සිය ආශිර්වාදය මේ වන විටත් පළ කර තිබිම ඉතා වැදගත් වනු ඇත. ඒ් අනුව මේ සඳහා ඔවුන්ගේද සහයෝගය සහ සහභාගිත්වය ලබා ගැනීම ද ඉතා වැදගත් වනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.
එමෙන් ම කවර හේතුවක් මත හෝ මේ පිළිබඳව සිදු කරන සාකච්ජා මඟ හැරීම හෝ වර්ජනය නොකිරීම මේ රටේ සියලුම දෙමළ පක්ෂ ද ඇතුළු සමස්ත දේශපාලන පක්ෂවල වගකීමයි. ඒ මක්නිසාද යත් පටු දේශපාලනයෙන් බැහැරව උදා වී ඇති මෙම අවස්ථාව පැහැර හැරිය හොත් එම ක්‍රියාව ජාතිද්‍රෝහි ක්‍රියාවක් ලෙස අනාගත පරපුරෙන් අප වෙත චෝදනා එල්ල විය හැකි නිසාය. ඒ් අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත පාර්ලිමේන්තුවෙන් අප නැවත නැවතත් ඉල්ලා සිටින්නේ සද්භාවයෙන් යුතුව මේ පිළිබඳව මැදිහත් වන ලෙසටය.