සියලු ජතීන්ටයි-ආගමිකයින්ටයි පිළි ගත හැකි අපේක්ෂයෙක් එජාපයෙන් ඕනෑ..!

සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට පොදුවේ පිළිගත හැකි සහ එකට ඒකරාශී විය හැකි පොදු ජනයාගේ හද ගැස්ම හඳුනන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපති කරන්නැයි මහා සංඝරත්නය එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටියි.…
සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට පොදුවේ පිළිගත හැකි සහ එකට ඒකරාශී විය හැකි පොදු ජනයාගේ හද ගැස්ම හඳුනන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපති කරන්නැයි මහා සංඝරත්නය එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටියි.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එක්සත් ජාතික පෙරමුණේ සියලු නායකයින් එකට ඒකරාශී විය යුතු යැයි මහා නුවර ගෝනදෙණිය පුරාන විහාරාධිපති මැද්දේගොඩ ඉන්ද්‍රසාර නා හිමියෝ පෙන්වා දෙති.
උන්වහන්සේ මේ අදහස් පළ කළේ, ව්‍යවසාය සංවර්ධන කන්ද උඩරට උරුමය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන උඩරට උදානය වැඩ සටහන යටතේ රුපියල් කෝටි දොලහකට අධික මුදලක්ද, යටිනුවර ආසන සංවිධායක මයන්ත දිසානායකමහතාගේ විමධ්‍ය ගත අරමුදලින් වගේම ගම්පෙරළිය වැඩ සටහන යටතේ රුපියල් කෝටි දහයක මුදලක් ද, යොදවමින් යටිනුවර ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කිරීමට කටයුතු කිරීම නිමිත්තෙන් ලක්ෂ්මන් කිරිඇල්ල සහ මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ සේවය ඇගයීම සඳහා මහනුවර, දංතුරේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමි අනුස්මරණ ශාලාවේදී පැවති උත්සවයේදීය.
දැන්වීම
ගිහි පැවිදි දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් පැවති මෙම උතසවයේදී බුද්ධ ශාසනයේ චිරස්තිතිය වෙනුවෙන් කරන සේවය අගයමින් විශේෂ සන්නස් පත්‍රයක් ද මහා සංඝ රත්නය සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත පිළිගැන් වූහ.
එහිදී වැඩි දුරටත්මේ අදහස් දැක්වූ මැද්දේගොඩ ඉන්ද්‍රසාර නා හිමි...
"එදා ආගමික ස්ථාන සංවර්ධනය කළේ පිං හාල් එකතු කරල. මෑත අතීතයේදී අපේ විහාරස්ථානවල සූවිසිපිංකම් කරලා සම්මාදමේ ගිහිල්ලා තමයි ඉතා සුළු මුදලක් එකතු කර ගත්තේ. ඉතිං මේ ක්‍රමය ප්‍රථම වතාවට උඩු යටිකුරු කරලා වෙනස් කළේ අපේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා. යටිනුවරට විතරක් රුපියල් කෝටි විස්සක් පමණ ආයෝජනය කරලා ආගම ශාසනය දියුණු කරන්න එතුමා කටයුතු කළා.
ඒ වගේම මුළු කඳුරට පළාතම ආවරණය වෙන විදිහට එතුමා දැරූ සියලුම අමාත්‍යාංශ හරහා සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කරපු නිසා තමයි අපේ අස්ගිරි පාර්ශවය මෙතුමාට ගෞරව නාමයක් පිළි ගන්වන්නට කටයුතු කළේ. වර්තමාන ජනාධිපතිතුමා පිබිදෙන පොලොන්නරුව ක්‍රියාත්මක කරනවා. හිටපු ජනාධිපතිතුමා නැගෙනහිර උදානය ක්‍රියාත්මක කළා. නමුත් අපේ මහනුවරට තාම මුකුත් නෑ. ඒ නිසා මුළු මහනුවර ජනතා හදවත් දිනා ගත්, සංඝරත්නයේ ආශිර්වාදය දිනා ගත් ඔබතුමාට අනාගතයේදී ජාතික නායකත්වයක වගකීම් බාර ගන්න අපි එක සිතින් ආශිර්වාද කරනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ එළැඹෙන ජනාධිපතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාලගේ පාර්ශවයෙන් සියලු ආගම්වල ජාතීන්වල හදවත් දිනා ගත්, පොඩි මිනිහාගේ හදවත් අඳුනන නායකයෙක් ඉදිරිපත් කරලා මේ තියෙන ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කරයි කියලා.
ඒ වගේම අපේ මයන්ත දිසානායක මන්ත්‍රීතුමා සියලු පන්සල් එකම තැනට කැඳවලා ඒ සියල්ලම සංවර්ධනය කරන්න එකවර උපකාර කරන්නට කටයුතු කළා. ඒ නිසා අපි එතුමාටත් එතුමාගේ දේශපාලන ජීවිතය සාර්ථක කර ගන්න අවශ්‍ය ආශිර්වාදය එකතු කරනවා."
මෙහිදී අදහස් දැක්වූ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ බුදුන් වහන්සේගේ දේශනාවලට අනුව ආමිස පූජාවට මෙන්ම ප්‍රතිපත්ති පූජාවටද මූලිකත්වය දෙමින් මේ පාලන සමය රට පාලනය කළ බවත්, සැකයකින් භීතියකින් තොරව ජනතාවට ජීවත්වීමේ අවකාශයක් මෙම රජයෙන් ගොඩනැගූ බවත්ය.
පසුගිය පාලන සමයට සාපේක්ෂව යහපාලන පාලන සමය නීතියේ ස්වාධීන බව ආරක්ෂා කිරීමට කටයුතු කළ අතර එකිනෙකා අතර සුහඳත්වය වර්ධනය කරමින් ජාතීන් අතර සමගිය ගොඩනැංවීමට අවශ්‍ය කටයුතු සිදු කළා වගේම විසි වසරක් තිස්සේ රටට අහිමිවී තිබූ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කරමින් තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කර ජනතාවට අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදය ලබා දුන් බව පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිංහල බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ සියලු ජාතීන්වල සියලු ආගම්වල ජනතාවට නිදහසේ ජීවත්වීමට හැකි රටක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් ඇපකැපවී ක්‍රියා කරන බව ද අවධාරණය කළේය.
