සියලුම පළාත් සභා මැතිවරණ දෙසැම්බරයේ පැවැත් විය යුතුයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

දැනට විසුරුවා ඇති පළාත් සභා තුන සහ සැප්තැම්බරයේ විසුරු වන පළාත් සභා තුන ඇතුළු පළාත් සභා හයෙහි හෝ හැකි නම් පළාත් සභා නවයේම මැතිවරණ දෙසැම්බරයේ පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන…
දැනට විසුරුවා ඇති පළාත් සභා තුන සහ සැප්තැම්බරයේ විසුරු වන පළාත් සභා තුන ඇතුළු පළාත් සභා හයෙහි හෝ හැකි නම් පළාත් සභා නවයේම මැතිවරණ දෙසැම්බරයේ පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, මහ නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
2019 වසරේ කාලය අහෝසි වන පළාත් සභා තුනේ මහ ඇමතිවරුන් සමඟ සාකච්ඡා කර පළාත් සභා නවයේම මැතිවරණ එක්වර පැවැත්විය හැකිනම් වඩාත් සුදුසු බව ඇමතිවරයා සඳහන් කළේය.
ඇමති පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ජාතික හෙළ උරුම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතිමිනි.
නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට කල් ගත වෙනවා නම් පැරණි ක්‍රමයටම හෝ මැතිවරණය පැවැත්විය යුතු බව ද ඉදිරි සති දෙකක කාලයේදී සියලු දේශපාලන පක්ෂ කැඳවා මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
නව මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තු පනතක් මගින් සම්පූර්ණයෙන්ම අහෝසි කර පැරණි ක්‍රමයට යා යුතු බවට ද නව ක්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීමට අවශ්‍ය සංශෝධන ගෙනැවිත් එම ක්‍රමය යටතේ ඡන්ද පැවැත්විය යුතු බවට සහ සීමානීර්ණ ඇතුළු ගැටලු විසඳා ගැනීමට කාලය ගත වන්නේ නම් එළඹෙන මැතිවරණය පමණක් පැරණි අනුපාත ක්‍රමයට පවත්වා පසුව එළඹෙන මැතිවරණ නව ක්‍රමයට පැවැත්විය යුතු බවට ද වශයෙන් මේ වන විට දේශපාලන මතවාද තුනක් තිබෙන බව කී ඇමතිවරයා නව ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට තමන් එකඟ නොමැති බව ද කීවේය.
එය හැර ඉතිරි විකල්ප දෙකෙන් එක් ක්‍රමයකට ගොස් මැතිවරණය පැවැත්වීමේ ගැටලුවක් නැතැයි ද මැතිවරණ කල්දැමීම ජනතාවගේ පරමාධිපත්‍යයට එල්ල කරන ප්‍රබල පහරක් යැයි ද ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1