සියයට 87ක් ඒකාධිපති විධායකයට විරුද්ධයි

රටට-ජනතාවට හෙණ කටින ඒකාධිපති විධායකය වහා අහෝසි කරනු..! රටේ මහා ජනතාවගෙන් 87%ක් විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කළ යුතුය යන දැඩි ස්ථාවරයේ සිටින බව ජන මත සමීක්ෂණ ගණනාවකින් මේ වන විට හෙළිදරව් වී තිබේ.…
රටට-ජනතාවට හෙණ කටින ඒකාධිපති විධායකය වහා අහෝසි කරනු..!
රටේ මහා ජනතාවගෙන් 87%ක් විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කළ යුතුය යන දැඩි ස්ථාවරයේ සිටින බව ජන මත සමීක්ෂණ ගණනාවකින් මේ වන විට හෙළිදරව් වී තිබේ.
මේ තත්ත්වය යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද නැද්ද යන්න පිළිබඳ සිය මතය ද අවංකව රටට-ජනතාවට පැහැදිලිව ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන සියලුම වග කිව යුතු දේශපාලන පක්ෂ ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
විධායක ජනාධිපති පදවිය තව දුරටත් තබා ගත යුතු යැයි කියන කිසිවෙකු තමාට නම් හමුවී නැතැයි ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා සඳහන් කරයි.