අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සිංගප්පූරුවේ දී කිම් ජොන් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ

සිංගප්පූරුවේ දී කිම් ජොන් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ

(නිලන්ති චන්ද්‍රසේන) තමන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ලබන මස (ජුනි) 12 සිංගප්පූරුවේදී හමුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ලොවම පුදුම කරමින් සාකච්ඡා සඳහා උතුරු කොරියානු…

(නිලන්ති චන්ද්‍රසේන)

තමන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ලබන මස (ජුනි) 12 සිංගප්පූරුවේදී හමුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ලොවම පුදුම කරමින් සාකච්ඡා සඳහා උතුරු කොරියානු නායකයාගේ ලද ආරාධනාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පිළිගෙන ඇත. මෙයට ඉහත මෙම නායකයින් දෙදෙනා තර්ජන සහ අපහස එල්ල කර ගත්ත ද උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පසුගියදා පවතී සාකච්ඡා වලින් පසු තත්වය වෙනස් විය.මෙයට අමතරව උතුරු කොරියාව විසින් ඇමෙරිකානුවන් තිදෙනා  නිදහස් කිරීමද මෙම ආරාධනාව පිළිගැනීමට හේතු වී ඇත. මෙම ඇමෙරිකානුවන් තිදෙනා නිදහස් කරනු ලැබුවේ නායක හමුව සුදානම් කිරීමට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්යොංයෑං  වෙත ගොස් සිටියදියි.

මිට පෙර ද  රාජ්‍යතාන්ත්‍රික කාර්යයන් සඳහා සිංගප්පුරුව යොදාගෙන ඇති අතර මිට වසර 60 ට පෙර පැවතී  චීන - තායිවාන සාකච්ඡා ද පැවැතත් වුයේ සිංගප්පුරුවේදී ය.

ඇමෙරිකාව හා සිංගප්පුරුව අතර පවතින්නේ ද ඉතා සමීප සබඳතාවකි. ජාත්‍යන්තර සම්බාධක දැඩිවීමත් සමග පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී උතුරු කොරියාව සමග ඇති සියලු ආකාරයේ වෙළෙඳ සබඳතා සිංගප්පුරුව  අත්හිටුවුවද  දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකි වී ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සිංගප්පූරුවේ දී කිම් ජොන් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ | Lanka Newsweek