සෑම විටම රට වෙනුවෙන් පෙනී සිටින බව විපක්ෂ නායක අවධාරණය කරයි

දක්ෂයෝ සිටින්නේ සජබය සමගයි ශ්‍රී ලංකාව ලොව පළමු තැනට ඔසවා තැබීම සජබයේ අරමුණයි බංකොලොත් භාවයෙන් රට මුදවා ගත යුතුයි දේශපාලනික වශයෙන් පසුබැමකට ලක් වුණත් රටට මුල් තැන ලබා දෙමින් කටයුතු කරන බවත් ලක්ෂ…
දක්ෂයෝ සිටින්නේ සජබය සමගයි
ශ්‍රී ලංකාව ලොව පළමු තැනට ඔසවා තැබීම සජබයේ අරමුණයි
බංකොලොත් භාවයෙන් රට මුදවා ගත යුතුයි
දේශපාලනික වශයෙන් පසුබැමකට ලක් වුණත් රටට මුල් තැන ලබා දෙමින් කටයුතු කරන බවත් ලක්ෂ දෙසිය විස්සක් වන රටේ ජනතාව ශක්තිමත් කරන බවත් රටට ඉටු විය යුතු යුතුකම නොපිරිහෙලා ඉටු කිරීම සමගි ජන බලවේගයේ දර්ශනය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් සමග හෝමාගම දී පැවැති පැවැති ජන හමුවකදීය.
ප්‍රජාතන්ත්‍රවාදී ගමන ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ආශිර්වාදය මත බවත් එමගින් රට-ජනතාව දිනවන බවත් මේ දේශපාලනය හරහා රට දින වන සහ ශක්තිමත් කරන වැඩ පිළිවෙළකට මුල පුරා ලක්ෂ 220 ජනතාව ආරක්ෂා කර රැක ගෙන සෞභාග්‍යය සම්පන්න රටක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
දැන්වීම
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා හමුවු අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙන සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනැමු බවත් බංකොලොත් වූ අවස්ථාවේ සිට තනි රටක් ලෙස ඔවුන් විශාල වශයෙන් ආධාර ලබා දුන් බවත් ඔහුට සිය ස්තුතිය පුද කරමින් තවතවත් සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටී බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙරටට එන ඉන්දීය සංචාරකයන් වර්ධනය කරන ලෙසත් ඉන්දියාවේ විවිධ ව්‍යාපාර සහ ආයෝජකයන්ට අප රටේ කර්මාන්ත ශාලා ඇති කර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ද ඉන්දීය ආයෝජන වර්ධනය කරන ලෙස ඉල්ලා සිටී බවත් හෙතෙම සඳහන් කළේය.
තවද අප අදටත් බංකොලොත් රටක් බවත් ණය ගෙවා ගත නොහැකිව සිටින බවත් 2028 වන විට නැවත ණය ගෙවිය යුතු බවත් එම නිසා සැම අවස්ථාවකදීම රටේ සංවර්ධන වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ඒ වෙනුවෙන් උපරිම කාර්ය භාරය ඉටු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ දර්ශනය සහ අරමුණ වන්නේ ලොව පළමු තැනට ශ්‍රී ලංකාව පත් කිිරීම බවත් ඒ සදහා ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
සෑම ක්ෂේත්‍රයකම දියුණුවක්-ප්‍රවර්ධනයක් ඇති කරමින් ආර්ථිකය දියුණු කළ යුතු බවත් අපට ආසන්න ඉන්දියාවේ සහාය අප ලබා ගත යුතු බවත් දුක් විඳින ජනතාවක් සිටින අප රටේ දුප්පත්කමින් මිදෙන්න පැහැදිලි වැඩ පිළිවෙළක් අවශ්‍ය බවත් අපනයන කේන්ද්‍රීය කර්මාන්ත පද්ධතියක් නිර්මාණය කළ යුතු බවත් ඒ හරහා තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවලට විසදුම් ලබා දිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
දක්ෂයෝ සියල්ල සිටින්නේ තමා සමග බවත් රට ගොඩන ගන්න නම් ආර්ථිකය ශක්තිමත් කරන පැහැදිලි සැලසුමක් තිබිය යුතු බවත් ඒ වෙනුවෙන් කැප වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.