අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සැමියා ඝාතනය කළ බිරිද සහ අනියම් සැමියා දැලේ

කොස්ගොඩ එකම පවුලේ තිදෙනා ඝාතනය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(ජයකාන්ත ලියනගේ) කොස්ගොඩ, වතුරවෙල ප‍්‍රදේශයේදී රැයක් මුළුල්ලේ පොලූ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට අදාලව කොස්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද මියගිය අයගේ බිරිඳ, ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා…

(ජයකාන්ත ලියනගේ)

කොස්ගොඩ, වතුරවෙල ප‍්‍රදේශයේදී රැයක් මුළුල්ලේ පොලූ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට අදාලව කොස්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද මියගිය අයගේ බිරිඳ, ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා ඇතුළු සැකකරුවන් සිව් (04) දෙනා 2017 නොවැම්බර් මස 22 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය ඊයේ (17) නියෝග කළාය.

මෙම නඩුව මෙදින විභාගයට ගන්නා බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණය කර පරීක්ෂණවල ප‍්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත‍්‍රාත්වරිය මෙහිදී කොස්ගොඩ පොලීසියට දැනුම් දුන්නාය.

දැන්වීම

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ මියගිය අයගේ බිරිඳ නො. 540, වතුරවෙල, කොස්ගොඩ ලිපිනයේ පදිංචි ලක්මුණි චතුරි මධුෂ්කා ද සිල්වා (22), ඇයගේ පියා වන එම ලිපිනයේම පදිංචි ලක්මුණි කීර්ති චන්ද්‍රලාල් ද සිල්වා (54), ඇයගේ අනියම් පුරුෂයා වන නානතොට, කොස්ගොඩ ලිපිනයේ පදිංචි ගුණන්දාවඩු ධනුෂ්ක ද සොයිසා (34) සහ ඔහුගේ යහළුවකු වන එම ලිපිනයේම පදිංචි දිනේෂ් රෝහණ ද සොයිසා (26) යන සිව් දෙනාය.

අහුන්ගල්ල, කටුවිල ලිපිනයේ පදිංචිව සිටි එදිරිමුණි තිලිණ පෙරේරා කරුණාරත්න (25) නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් මොවුන් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ. ඝාතනය කරන ලද අයගේ දේහය සැකකරුවන්ගේ නිවසේ පුටුවක් මත තිබියදී 2017 මැයි 30 වන දින උදෑසන කොස්ගොඩ පොලීසිය මගින් සොයා ගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොස්ගොඩ පොලීසිය හා ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකය මියගිය අයට විශාල වශයෙන් පහර දී තිබෙන බවත් මියගිය අයගේ අතපය හා ශරීරයේ බොහෝ ස්ථාන ඉදිමී නිල් පැහැ ගැන්වී තිබූ බවත් තහවුරු කරගෙන තිබිණි. එයට අමතරව මියගිය අයගේ අත්පා ගැටගසා තිබූ බවට සලකුණුද පොලීසියට නිරීක්ෂණය වී තිබිණි. මියගිය අයගේ නලලේ විශාල ලේ ගලන තුවාලයක් සහ ශරීරය පුරාම සීරීම් තුවාල තිබූ බවත් රැුය මුලූල්ලේම මොහුට පහර දී තිබෙන බවට අනුමාන කල හැකි බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකය තහවුරු කරගෙන තිබිණි.

මියගිය අය විවාහ වී සිිටින්නේ සැකකාර කොස්ගොඩ, වතුරවෙල පදිංචි ලක්මුණි චතුරි මධුෂ්කා ද සිලිවා (22) නැමැති අය සමගය. ඔවුන්ට වයස අවුරුදු 3 1/2 ක පමණ දියණියක්ද සිටී. දෙදෙනා අතර ඇතිව තිබෙන පවුල් ආරවුල් හේතුවෙන් බිරිය කොස්ගොඩ, වතුරවෙල පිහිිටි සිය නිවසේත් ස්වාමියා අහුන්ගල්ල, කටුවිල පිහිටි නිවසේත් ජීවත්ව ඇත. පසුගිය මැයි 29 දින සවස 6.00 ට පමණ සිය දියණියගෙන් ලැබුණ දුරකතන ඇමතුමකට අනුව මියගිය අය කොස්ගොඩ පිහිටි බිරියගේ නිවසට පැමිණ තිබෙන බවත් එහිදී ඇති වූ ආරවුලක් මත මියගිය අයට පහර දී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පියා සහ සහෝදරයා ස්වාමිපුරුෂයාට පහර දුන් බවත් පසුව පපුව රිදෙනවා යැයි පවසා ස්වාමියා පටුවක වාඩි වූ බවත් සැකකාර බිරිය පොලීසියට ප‍්‍රකාශ කර තිබේ. පසුව මියගිය අයගේ බිරියගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම් වලදී තමා, පියා හා සහෝදරයා සමග මියගිය අය ගසක ගැටගසා පහර දුන් බව ප‍්‍රකාශ කර තිබේ. බිරියගේ බාල සහෝදරයා ත‍්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනකු විසින් පහර දුන් බවත් 15 හැවිරිදි සහෝදරයා එම දෙදෙනාගෙන් එක් අයෙකු පහර දුන් බවත් ප‍්‍රකාශ කර තිබේ. මෙම තොරතුරු මත ඉහත සදහන් සිව් (04) දෙනා අත් අඩංගුවට ගෙන තිබේ.

කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක පී එම් ඉරාන් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් රංජන් (21930) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සැමියා ඝාතනය කළ බිරිද සහ අනියම් සැමියා දැලේ | Lanka Newsweek