සැබෑ දේශප්‍රේමීත්වය යනු මූල්‍ය විනයයි..!

දූෂණ විරෝධය යනු ජාතියේ ආත්ම ආරක්ෂාවයි (සුජිත් මංගල ද සිල්වා) සැබෑ දේශප්‍රේමීත්වය යනු සියලු දෙනාම මූල්‍ය විනයක් ඇතිව දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලට එරහිව ක්‍රියා කිරීම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
දූෂණ විරෝධය යනු ජාතියේ ආත්ම ආරක්ෂාවයි
(සුජිත් මංගල ද සිල්වා)
සැබෑ දේශප්‍රේමීත්වය යනු සියලු දෙනාම මූල්‍ය විනයක් ඇතිව දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලට එරහිව ක්‍රියා කිරීම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.
දුෂණ විරෝධය යනු රටෙත් ජාතියේත් ආත්ම ආරක්ෂාව යැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා රට සංවර්ධනය කරමින් රටේත් ජනතාවගේත් අනාගතය තහවුරු කිරීම සඳහා දුෂණ විරෝධී මතය ශක්තිමත් කරමින් ඒ වෙනුවෙන් පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු යැයි ද සඳහන් කළේය.
දැන්වීම
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ 70 වැනි ජාතික නිදහස් දින උළෙලේදී ජාතිය අමතමිනි.
රටේ සංවර්ධනය වගේම රටෙත් ජනතාවගේත් අනාගතය අඳුරු කිරීම සඳහා වර්තමානයේදී දුෂණ,වංචා සහ අක්‍රමිකතා බෙහෙවින් ඉවහල් වී තිබෙන බවට ද මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී චෝදනා කළේය.
දේශප්‍රේමීත්වයට නව අර්ථකතනයක් ලබාදෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 70 වැනි ජාතික නිදහස් දිනයේදී ජාතිය අමතා කළ කතාව මෙසේය.