අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සැබෑ ජාතික ආණ්ඩුවකට සජබය සූදානම්

සැබෑ ජාතික ආණ්ඩුවකට සජබය සූදානම්

ලක්ෂ්මන් කිරිඇල්ල කියයි වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආණ්ඩුවක් ගොඩනගා රටත් ජනතාවත් බේරා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ…

ලක්ෂ්මන් කිරිඇල්ල කියයි  

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආණ්ඩුවක් ගොඩනගා රටත් ජනතාවත් බේරා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කියා සිටියේ, සර්වපාක්ෂික ආණ්ඩුවක් වහාම ස්ථාපිත කළ යුතු බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
 ‍
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේ, ත්‍රෙනිකායික ගරුතර මහා නායක හිමිවරුන්ද මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියකින් කරුණු ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සැබෑ ජාතික ආණ්ඩුවකට සජබය සූදානම් | Lanka Newsweek