සාම සාධක රාජ කාරී සඳහා හමුදාවේ භට පිරිසක් මාලි රාජ්‍යට

ශ්‍රී ලංකා යුද හමුදාවේ 243ක භට පිරිසක් මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා බදාදා (13) අළුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ. විජය බාහු පාබළ රෙජිමේන්තුවේ මෙන්ම, වෛද්‍ය,…
ශ්‍රී ලංකා යුද හමුදාවේ 243ක භට පිරිසක් මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා බදාදා (13) අළුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
විජය බාහු පාබළ රෙජිමේන්තුවේ මෙන්ම, වෛද්‍ය, ඉංජිනේරු සහ සේවා බළකායන්ට අයත් නිලධාරීන් 20ක් ද සෙසු නිල වලට අයත් 223කින් යුතු භට පිරිසක් ද මෙම රාජකාරී සදහා පිටත්ව ගොස් ඇත.
ඔවුන් රැගෙන යෑම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගුවන් යානයක් එවා තිබූ අතර, මෙම ශ්‍රී ලාංකික යුධ හමුදා භට පිරිස රැගෙන, එම ගුවන් යානය 11/13 දින අලුයම 3.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් මාලි රාජ්‍යය බලා පිටත්ව ගිය අතර මෙම භට පිරිස වෙත සුභ පැතීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිල ධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.