"සාටකයේ" නාටකය ඇරඹුණු හැටි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

(අනුර යසමිත්) ජාතක ඇදුමේ එක් අංගයක් වූ “සාටකය” අද දේශපාලන ලෝකයේ මහත් කතා බහට ලක්වී තිබේ. “සාටකය”සහිත ජාතික ඇදුම අදින දේශපාලනඥයන් රැසක් සිටීම නිසා මෙසේ කාගෙත් කතා බහට ලක් වීඇති බව කිවයුතු නොවේ. හිටපු…
(අනුර යසමිත්)
ජාතක ඇදුමේ එක් අංගයක් වූ “සාටකය” අද දේශපාලන ලෝකයේ මහත් කතා බහට ලක්වී තිබේ. “සාටකය”සහිත ජාතික ඇදුම අදින දේශපාලනඥයන් රැසක් සිටීම නිසා මෙසේ කාගෙත් කතා බහට ලක් වීඇති බව කිවයුතු නොවේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු “සාටකය” ගැන කවුරුත් කතා කරන්නට පුරුදු වී සිටිති. 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට හම්බන්තොට දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් පැමිණි දොන් මැතිව් රාජපක්ෂ හෙවත් ඞී.ඇම්. රාජපක්ෂ මහතා කුරක්කන් පාට සහිත “සාටකයක්” පැලද ගැනීමට පුරුදුව සිටියේය.
ඊට අමතරව එස්.ඩබ්ලව්.ආර්.ඩි. බන්ඩාරනායක, සි.ඩබ්ලි.ඩබ්ලි.කන්නන්ගර සී.පී.ද සිල්වා වැනි මැති ඇමතිවරු සුදු පාට කහ පාට හෝ රන්වන් පාට “සාටක” පැළඳ ගෙන ඒමට පුරුදුව සිටියහ. රොබට් ගුණවර්ධන ,පිලිප් ගුණවර්ධන යන දේශපාලන නායකයන්ද “සාටක”පැළඳ ගෙන ඒම සිරිතක් කරගෙන තිබිණි. හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඇතුළු කිහිප දෙනෙක් නිල් පාට “සාටක” පැළද සිටියේය. ඊට අමතරව දකුණු පළාත් අණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන විට නිල්පාට “සාටකයත්”, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරණ විට කොළපාට “සාටකයත්” ස්වාධීනව කටයුතු කරන විට රන්වන්පාට “සාටකයත්” පළදින අයුරු දැක තිබේ.
වර්තමානයේ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල්රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු කුරක්කන් පාට “සාටකයකින්”, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ටිකිරි කෙබ්බෑකඩුව මහතා ඇතුළු කිහිප දෙනෙකු එක් එක් පාටැති “සාටක” පළදිති. ඞී.ඇම්. රාජපක්ෂ මහතාගෙන් ආරම්භ වී රාජපක්ෂවරු පළදින “සාටකයට” කුරක්කන් පාට එක් වුණු හැටිද රසවත් සිද්ධියකි. එමෙන්ම අහඹු ලෙස සිදු වීමක් බවද කියති.
ගිරුවාපත්තුවේ ගොවිනායකයා ඞී.ඇම්.රාජපක්ෂ මහතාට එම ප්‍රදේශයේ ජනතාව “රුහුණේ සිංහයා” යන විරුදාවලියෙන්ද හැඳින්වීමට පුරුදු වී සිටියහ. එම ප්‍රදේශයේ ගොවි ජනතාව ඒ මහතාට දැක්වූ අසීමිත ගෞරවය නිසාවෙනි. 1936 මාර්තු දාහත්වැනි දින පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට ඉදිරිපත්වන ලෙස ප්‍රදේශයේ ගොවි ජනතාවට ඞී.ඇම්.රාජපකෂ තරුණ නායකයාගෙන ඉල්ලා සිටියහ.මැතිවරණයට ඉදිරිපත් වීමට කැමත්තක් නොතිබුණත් ගොවි ජනතාවගේ ඉල්ලීම බලවත් වීම නිසා ඊට කිසිසේත් පිටු පෑමට ඔහුට නොහැකි විය. ඞී.ඇම්.රාජපකෂයන් සමග තවත් තරඟකරුවෝ දෙදෙනෙක් වූහ. 1931 දි පැවති ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට මන්තී‍්‍රවරයා වූ නීතිඥ ඞී.එස්.ද.එස්. වික්‍රමනායක සහ නීතිඥ ලූෂියන්, ජී.පෝලියර් එම දෙදෙනා වුහ.
නාම යෝජනා බාරදීමට අපේක්ෂක නීතිඥවරු දෙදෙනා වාහන පිරිවරාගෙන හම්බන්තොට කච්චේරියට යද්දී ගොවි නායකයකු වු ඞී.ඇම්.රාජපක්ෂ ගොවියන් හා කම්කරුවන් රැසක් පිරිවරාගෙන කරත්ත හා තිරික්කල පෙරහරකින් ගියේය. හම්බන්තොට උප දිසාපතිවරයා වූයේ පී.ජේ.හඞ්සන්ය. මොහු සමග ඞී.ඇම්.රාජපක්ෂගේ යම් ප්‍රමාණයකට අමනාපයක් තිබිණි.
ඞී.ඇම්.රාජපක්ෂයන් අසරණ ගොවි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත් වීම නිසා මෙම අමනාපකම් ඇතිවීමට හේතු විය. අමනාපකම් පසෙක දැමු ඞී.ඇම්.රාජපක්ෂ තම නාම යෝජනා පත්‍රය උපදිසාපතිවරයා වෙත ඉදිරිපත් කළේය. දකුණු අතින් එය ගැනීමට උපදිසාපතිවරයා සුදානම් වුවත් එක් වරම යමක් මතක් වූ හෙතෙම එකවරම දකුණු අත පහළට දමා වම් අත දිගු කළේය.
නාමයෝජනා පත්‍රය ප්රතික්ෂෙප කිරීමට කිසියම් හෝ අඩුවක් ඇත් දැයි සොයා බැලූවත් එවැනි දෙයක් සොයාගැනීමට නොහැකි වුයේ අංගසම්පූර්ණ ලෙස එය සකස්කරතිබූ හෙයිනි. අද මෙන් පක්ෂ හෝ ඡන්ද ලකුණු ක්‍රමයක් ඒ වනවිට නොතිබිණි. තමන් කැමති වර්ණයකින් ඡන්දය ඉල්ලීමට අවස්ථාව තිබිණි. තමාට අවශ්‍ය පාට කුමක්දැයි උපදිසාපතිවරයා ඞී.ඇම්. ගෙන් විමසා සිටියේය.
එකවර පාටක් සිතා ගැනීමට නොහැකිවූ හෙතෙම වටපිට බලා ළග සිටි ගල් පොත්තේයායේ හෙන්ද්‍රික් අප්පුහාමි ගොවි හිතවතාගේ කරේ තිබුණු ලේන්සුවේ පාටට සිත ඇදී ගියේය. කුරක්කන් පාට වූ එම තුවාය ගෙන මෙන්න මේ පාට මට දෙන්නැයි කියමින් හෙන්ද්‍රික් අප්පුහාමිගේ තුවාය උපදිසාපතිවරයාගේ මේසය මත දැමුවේය.
ඞී.ඇම්. හිතාමතාම කළ මේ ක්‍රියාව නිසා හඩ්සන් උපදිසපතිවරයට ද කෝපයක් ඇති විය. ඒ වන විට දෙපයින් ගලවා තිබු ගුරු පැහැති සපත්තුව අතටගත් උපදිසාපතිවරයා “මේකත් ඔය පාටම නේදැයි’’ විමසා සිටියේ උපහාසාත්මක සීනහවක් මුවේ රදවා ගනිමිණි. උපදිසාපතිවරයාගේ මෙම උපහාසය ඞී.ඇම්. ට ඉවසා දරාගත නොහැකි විය.
උන්හිටි තැන් අමතක වූ හෙතෙම මේසය මත තිබූ රූල් පොල්ලක් අතට ගත්තේය. එතැනම රැදී සිටි සිය සොහොයුරා වූ ඞී.ඒ. රාජපක්ෂයන් ඞී.ඇම් ගේ අත අල්ලාගෙන රූල් පොල්ලෙන් පහර දීමට කළ උත්සාහය වැළකුවේය. ඡනදය ඡන්දය පැවති මන්ඩාඩුව ඡන්ද මධ්‍යස්ථානයට ඩි.ඇම්.රාජපක්ෂ පැමිණියේ තමාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටය. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරි පිරිසක් පැමිණ මොහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළේය.
තංගල්ල සිර ගෙදරවත් තබා නොගෙන වැලිකඩ බන්ධනාගාරයේ රදවා තිබිණි. මේ පුවත කණ වැකුණු ගොවීහු වැල නොකැඞී පැමිණ තම නායකයාගේ කුරක්කන් පැහැති පෙට්ටිය ඡන්ද කොළ වලින් පුරවන්නට වූහ. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වනවිට උගත් නීතීඥවරු දෙදෙනා පරාජය කොට බන්ධනාගාරයේ රඳවා සිටි ගොවි නායකයා වූ ඞී.ඇම්. රාජපක්ෂයන් දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට මන්තී‍්‍රවරයා, ලෙස පත් කිරීමට ජනතාව ඡන්දය පාවිච්චි කර තිබිණි. ඞී.ඇම්.රාජපක්ෂයන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැමිණෙන විට තමා ජයග්‍රහණය කළ කුරක්කන් පාටින් යුතු “සාටකයක්”ද පැළද ගෙන ඒමට අමතක නොකළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3