සාගල වෙනුවෙන් රනිල් රුවන්ගේ කකුලෙන් අදියි

රුවන්ගේ තරුණ සමුළුවට කෙළියි දේශපාලන හිතවතුන්ට පහර දුන් රනිල් සිය ලේ ඥාතියාට ද පහර දෙයි රුවන් ඉදිරියට එනු ඇතැයි බය වෙලා එකසත් ජාතික පක්ෂයට සම්බන්ධ සහ ඊට පරිභාහිර තරුණ තරුණියන් කැඳවා පක්ෂයේ තරුණ බලය…
රුවන්ගේ තරුණ සමුළුවට කෙළියි
දේශපාලන හිතවතුන්ට පහර දුන් රනිල් සිය ලේ ඥාතියාට ද පහර දෙයි
රුවන් ඉදිරියට එනු ඇතැයි බය වෙලා

එකසත් ජාතික පක්ෂයට සම්බන්ධ සහ ඊට පරිභාහිර තරුණ තරුණියන් කැඳවා පක්ෂයේ තරුණ බලය සවි බල ගැන්වීමේ අරමුණින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සංවිධානය කර තිබූ තරුණ සමුළුව වහාම නතර කරන්නැයි එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇත.
මෙම තරුණ සමුළුව ගම්පහ දිස්ත්‍රික්කය මුල් කර ගනිමින් ආරම්භ කර රට පුරා ගෙන යාමට සැලසුම් කර තිබී ඇති අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සමග එක්ක මෙම සමුළුව සංවිධානය කරමින් සිට ඇත්තේ එම පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් වන නීතීඥ නන්ද මුරුත්තෙට්ටුවේගම සහ නීතීඥ කස්තුරි අනුරාධනායක යන මහත්වරුන්ය.
දැන්වීම
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ තරුණ සමුළුව මෙසේ නතර කරන ලෙසට නියෝග කළේ, ඔහු රට පුරා තරුණ තරුණියන් සංවිධානය කරමින් දේශපාලන වශයෙන් ඉදිරියට පැමිණිය හොත් එම තත්ත්වය සාගල රත්නායක මහතාගේ දේශපාලන අනාගතයට අභියෝගයක් වනු ඇති නිසා යැයි ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් පිරිසක් "lankanewsweek" සමග පැවසූහ.
තමා පෞද්ගලිකව රුචි කරන සාගල රත්නායකලා සහ අකිල විරාජ් කාරියවසම්ලා ඇතුළු කල්ලි කණ්ඩායම් වෙනුවෙන් රවී කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග, දයා ගමගේ සහ ලක්ෂ්මන් විජේමාන්න ඇතුළු සිය දේශපාලන හිතවතුන් කපා හැර ඔවුන්ට පහර දුන් රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සිය පෞද්ගලික රුචි අරුචිකම් වෙනුවෙන් සිය ලේ ඥාතියාට ද දේශපාලන වශයෙන් පහර දීමට ක්‍රියා කරමින් සිටින බව පෙන්වා දුන් එම තරුණ තරුණියෝ මේ තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයට නම් දේශපාලන අනාගතයක් නොමැති බව ද අවධාරණය කළහ.
