අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

සාගල රත්නායක දේශපාලනයෙන් විශ්‍රාම ගනී

සාගල රත්නායක දේශපාලනයෙන් විශ්‍රාම ගනී

අපේක්ෂක සහ ජාතික ලැයිස්තුවල නම නොමැති හේතුව ඒකයි මාතර නායකත්වයත් ගයාන් සංජීවට මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා දේශපාලනයෙන් විශ්‍රාම…

අපේක්ෂක සහ ජාතික ලැයිස්තුවල නම නොමැති හේතුව ඒකයි

මාතර නායකත්වයත් ගයාන් සංජීවට   

සාගල රත්නායක දේශපාලනයෙන් විශ්‍රාම ගනී

මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙන ඔහුගේ සමීපතමයින් පිරිසක් "lankanewsweek" සමග පැවසීය.

එක්සත් ජාතික පක්ෂය යටතේ "අලියා" ලකුණින් මාතර දිස්ත්‍රික්කයට තරඟ කිරීම සඳහා අදාළ නාම යෝජනා පත්‍රයට අවසන් මොහොත වන තුරුම අත්සන් තැබීමෙන් වැළකී සිටීමට සාගල රත්නායක මහතා පියවර ගෙන තිබූ අතර ඒ සඳහා ඔහු උනන්දු කරවීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ක්‍රියා කර නොතිබිණ.

දැන්වීම

අපේක්ෂකයෙකු ලෙස මහ මැතිවරණයට තරඟ නොකරන සාගල රත්නායක මහතාගේ නම එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවට ද ඇතුළත් නොකර,මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායකත්වය ද, නැගී එන තරුණ සහ දක්ෂ දේශපාලඥයෙකු වන ගයාන් සංජීව මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙන්නේ මේ පසුබිම යටතේය.

මේ අතර සාගල රත්නායක මහතා එදා සිටම දරන මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති ධූරයෙන් ද ඔහු ඉතා ඉකමනින් ඉල්ලා අස් වනු ඇති අතර එම තනතුර ද ගයාන් සංජීව මහතාට ලබාදීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය "අලියා" ලකුණ යටතේ මාතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරනුයේ ගයාන් සංජීව මහතාගේ දිස්ත්‍රික් සහ කණ්ඩායම් නායකත්වය යටතේය.

දේශපාලනයෙන් විශ්‍රාම ගියත් සාගල රත්නායක මහතා,එක්සත් ජාතික පක්ෂයට සහ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන නායකයින්ට තිරය පිටුපස සිටිමින් සිය සහයෝගය තව දුරටත් ලබා දෙනු ඇතැයි "සිරිකොත" ආරංචි මාර්ග පවසයි.  

සාගල රත්නායක දේශපාලනයෙන් විශ්‍රාම ගනී

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න