අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සාගල රත්නායක එජාප උපනායකකමට නහයෙන් අඬයි..!

සාගල රත්නායක එජාප උපනායකකමට නහයෙන් අඬයි..!

ප්‍රධාන විධායකකම එපා කියයි..! අරලිය ගහ ගෙදරත් එපා වෙයි..! (දසුන් ලියනගේ) එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ පක්ෂයේ ප්‍රධාන විධායක තනතුර ඉල්ලා සිටි තරුණු කටයුතු සහ ව්‍යපෘති කළමනාකරණ…

ප්‍රධාන විධායකකම එපා කියයි..!

අරලිය ගහ ගෙදරත් එපා වෙයි..!

සාගල රත්නායක එජාප උපනායකකමට නහයෙන් අඬයි..!

(දසුන් ලියනගේ)

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ පක්ෂයේ ප්‍රධාන විධායක තනතුර ඉල්ලා සිටි තරුණු කටයුතු සහ ව්‍යපෘති කළමනාකරණ අමාත්‍ය සාගල රත්නායක මහතා මේ වන විට එම ඉල්ලීම පසෙක තබා පක්ෂයේ උපනායක තනතුරක් ලබා දෙන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බල කරමින් සිටියි.

සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී  තනතුර මෙසේ හදිසියේම  ප්‍රතික්ෂේප කර තිබෙන්නේ එම් තනතුර පක්ෂයේ මහ ලේකම් ධූරයට පහළින් තිබෙන තනතුරක් බව දැන ගැනීමෙන් පසුව යැයි අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ තමාට තනතුරක් ලබා නොදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අමනාප වී මාතර දෙනියායේ සිය මහ ගෙදර බලා ගොස් සිටි සාගල රත්නායක මහතා ගෙවුණු සතියේ කොළඹ පැමිණ තිබේ.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සාගල රත්නායක මහතා වෙනදා වගේ දිනපතාම අරලිය ගහ මන්දිරයට නොපැමිණෙන බව අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ දිනවල ඔහු පණිවුඩ හුවමාරු කර ගන්නේ අරලිය ගහ මන්දිර සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික සහයිකා සැන්ද්‍රා පෙරේරා මහත්මිය හරහා බව ද ඔහු සඳහන් කළේය.

මේ බලපෑම්වලට යටත්ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  සාගල රත්නායක මහතාට පක්ෂයේ ඉහළ තනතුරක් දුන්නොත් පක්ෂ ප්‍රතිසංවිධානය කිසිම පළක් නොමැති වැඩ පිළිවෙළක් වනු ඇති අතර ඊට එරෙහිව සියලු දෙනා නැගී සිටිනු ඇතැයි “සිරිකොත” එක්සත් ජාතික පක්ෂ මුලස්ථාන අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සාගල රත්නායක එජාප උපනායකකමට නහයෙන් අඬයි..! | Lanka Newsweek