අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සාගල මහා පාරට කෙල හලයි-කැබිනට් සංශෝධනය කොට උඩ..?

සංක්‍රමණික ජාවාරම මැඩලා දේශසීමා ආරක්ෂණයට විශේෂ යාන්ත්‍රණයක්

එජාප ලයිස්තුවේ පරක්කුව ගැන ජනපති විමසයි සාගලට එජාප අභ්‍යන්තරයෙන් විරෝධය..! (සුජිත් මංගල ද සිල්වා) නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා කැබිනට් සංශෝධනයේදී තමාට මහා මාර්ග ඇමතිකම ලබා දෙන්න…

එජාප ලයිස්තුවේ පරක්කුව ගැන ජනපති විමසයි

සාගලට එජාප අභ්‍යන්තරයෙන්  විරෝධය..!

(සුජිත් මංගල ද සිල්වා)

නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා කැබිනට් සංශෝධනයේදී තමාට මහා මාර්ග ඇමතිකම ලබා දෙන්න යැයි බල කර ඉල්ලා සිටීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

මේ හේතුවෙන් මේ වන විටත් කැබිනට් සංශෝධනය අවසන් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයට  නොහැකි වී තිබෙන අතර මේ තත්ත්වය යටතේ නව කැබිනට් මණ්ඩලයට හෙට (22) දිනයේදීත් දිවුරුම් දීමට නොහැකි වනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

දැන්වීම

මේ අතර සංශෝධිත කැබිනට් මණ්ඩල ලැයිස්තුව මෙතෙක් ප්‍රමාද මන්දැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනකුටම පුද්ගලික මට්ටමෙන්  කතා කර කරුණු විමසා තිබේ.

එහිදී එම නායකයින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන්නේ මහා මාර්ග අමාත්‍යංශය සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන තත්ත්වය හේතුවෙන් කැබිනට් සංශෝධනය මෙතෙක් අවසන් කර ගැනීමට නොහැකි වී තිබෙන බවය.

එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුව ලැබුණාට පසුව සිය කණ්ඩායම ද ඊට ඇතුළත් කිරීමේ වැඩ කටයුතු තිබෙන නිසා මේ පරක්කුව හේතුවෙන් හෙටත් නව කැබිනට් මණ්ඩලයට දිවුරුම් දීමට නොහැකි වනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී දැනුම් දී තිබේ.

මේ අතර සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දරන  මහා මාර්ග ඇමතිකම ඉල්ලා සිටීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන්ගේ සහ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය සාගල රත්නායක මහතාට මේ වන විට එල්ල වෙමින් පවතියි.

මහා මාර්ග අමාත්‍යංශය සම්බධයෙන් ජනාධිපතිවරයාට කිසිදු  ප්‍රශ්නයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රබල  නිලධාරියකු මීට පෙර තහවුරු කර තිබූ අතර කැබිනට් සංශෝධනයේදී මධ්‍යම පළාතට හිමිව තිබෙන මහා මාර්ග සහ උසස් අධ්‍යාපන ඇමතිකම ඇතුළු  ඇමති ධූර අහිමි නොකරන ලෙස මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් ද කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සාගල මහා පාරට කෙල හලයි-කැබිනට් සංශෝධනය කොට උඩ..? | Lanka Newsweek