අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සාගලගේ සමරිසි කල්ලිය රැකියා විකුණා කෝටි ගණන් හොයලා..!

සාගලගේ සමරිසි කල්ලිය රැකියා විකුණා කෝටි ගණන් හොයලා..!

දිළිඳු තරුණියකගෙන් 1,50,000ක් කොල්ල කාලා..! තවත් තරුණියකගෙන් ලක්ෂ 10ක් එක්ක ලිංගික අල්ලස්..! තරුණ කටයුතු ඇමති තරුණ පරපුර බිලි ගනී..! සාගල රත්නායකගේ රෙදි ගැලවෙයි..! අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල…

දිළිඳු තරුණියකගෙන් 1,50,000ක් කොල්ල කාලා..!

තවත් තරුණියකගෙන් ලක්ෂ 10ක් එක්ක ලිංගික අල්ලස්..!

තරුණ කටයුතු ඇමති තරුණ පරපුර බිලි ගනී..!

සාගල රත්නායකගේ රෙදි ගැලවෙයි..!

සාගලගේ සමරිසි කල්ලිය රැකියා විකුණා කෝටි ගණන් හොයලා..!

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී,තරුණ කටයුතු සහ ව්‍යපෘති කළමනාකරණ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සමරිසි කල්ලියේ දුෂණ,වංචා සහ අක්‍රමිකතා ද කූට දේශපාලන ගනුදෙනු ද පිළබඳව හෙට අනිද්දාම විශේෂ හෙළිදරව්වක් කිරීමට ඔහුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් සුරංග රණසිංහ කොඩිතුවක්කු මහතා තීරණය කර තිබේ.

සාගල රත්නායක මහතාගේ සහ ඔහුගේ සමරිසි කල්ලියේ අත්තනෝමතික ක්‍රියා කලාපය මත ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වූ සුරංග රණසිංහ කොඩිතුවක්කු මහතාට මේ වන විට විවිධ තර්ජන සහ බලපෑම් ද එල්ල වෙමින් පවතින බව "lankanewsweek" වෙත වාර්තා වෙයි.

2015 සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී සුරංග රණසිංහ කොඩිතුවක්කු මහතා ඇතුළුව සාගල රත්නායක මහතාගේ ලේකම්වරුන් පස් දෙනෙකු ඉල්ලා අස් වී තිබෙන අතර  සාගල රත්නායක අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ මේ වන විටත් සේවය කරන ඇතැම් අයගෙන් ද,මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වර්කතාරුවන්ගෙන් සහ ඔහු හැර ගොස් සිටින ඔහුගේ ඇතැම්  හිටපු නිලධාරීන්ගෙන් ද,මේ සම්බන්ධයෙන් “lankanewsweek” කළ විමසීමේදී ඒ සියලු දෙනා කළ හෙළිදරව්ව මෙසේය.

“අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී,තරුණ කටයුතු සහ ව්‍යපෘති කළමනාකරණ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ කාර්ය මණ්ඩලයේ තනතුරුවලින් මේ සියලු දෙනා ඉල්ලා අස් වූයේ  ප්‍රතිපත්තිමය සහ දේශපාලන කාරණා මත වන අතර මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ එතුමාගේ  සමීපතමයකු වන උපුල් දිසානායක නැමැත්තා රැකියා ලබා දෙන බව කියමින්  එක්සත් ජාතික පක්ෂයේ අහිංසක තරුණ තරුණියන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් කොල්ල කෑම සහ එසේ සල්ලි කොල්ල කන හොරුන් අමාත්‍යවරයා ආරක්ෂා කිරීමයි.

උපුල් දිසානායක නැමැත්තා මේ සියලු හොරකම් සහ මැරකම් කරන්නේ සාගල රත්නායක අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වන චමිල වැවේගෙදර නැමැත්තා එක්ක එකතු වෙලා. සාගල රත්නායක අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ක්‍රියා කරන චමිල වැවේගෙදර නැමැත්තා මීට පෙර කටයුතු කළේ ඔහුගේ රියදුරා ලෙසයි.

මේ අය එක්ව මහින්ද රාජපක්ෂලාගේ ආධාරකරුවන්ට ද රුපියල් ලක්ෂ ගණනකට රැකියා විශාල ප්‍රමාණයක් විකුණුවා.ඊට හොඳම උදාහරණය 2015 මහා මැතිවරණ ව්‍යාපාරයේදී මම සහ අපේ මාතර කාර්යාලයේ බොහෝ දෙනකු ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයින්ට එළව එළවා මැර ප්‍රහාර එල්ල කළ මහින්ද රාජපක්ෂ පිලේ ආධාරකරුවන් දෙදෙනකු මේ අය රජයේ රැකියා වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා අරලිය ගහ මන්දිරයට පවා යොමු කරවීමයි.

ඊට විරෝධය පළ කරමින් සාගල රත්නායක අමාත්‍යවරයාගේ ස්ථිර ලේකම්වරයා ලෙස ක්‍රියා කළ මාතර ඉතා වැදගත් පුද්ගලයෙක් ද මීට මාසයකට පමණ පෙර සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා. මේ පුද්ගලයින් දෙදෙනා රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සිය විරෝධය පළ කළත් සාගල රත්නායක මහතා ගත්තේ උපුල් දිසානායකගේ සහ චමිල වැවේගෙදරගේ පැත්තයි.

මාතර,වැලිගම ප්‍රදේශයේ පදිංචි අහිංසක සහ ඉතා දිළිඳු අහිංසක තරුණියකට රැකියාවක් ලබා දෙනවා යැයි කියා මේ අය ඇයගෙන් රුපියල් 1,50,000ක් ගත්තා.කෙසේ නමුත් ඇයට තවමත් රැකියාවක් ලබා දී නොමැති අතර අ.පො.ස. උසස් පෙළ සමත් ඇය මේ හේතුවෙන් අන්ත අසරණ වී සිටිනවා. ඇයගේ පියා ද ජීවතුන් අතර නොමැති අතර ඇයගේ මව ඇය සමග ජීවිකාව ගෙවන්නේ දහවල් වරුවේ ගෙදරක වැඩකාරකම් කිරීමෙන් සහ රාත්‍රියට දෙදෙනාම සමග එක්ව “බ්ලොක් ගල්” ගසීමෙනුයි.

එම තරුණියගේ මව සාගල රත්නායක ඇමතිවරයාගෙන් මේ රැකියාව ලබා ගැනීම සඳහා මේ උපුල් දිසානායක නැමැත්තාට සල්ලි දී තිබෙන්නේ සිය දියණියගේ අනාගතය වෙනුවෙන් බැංකු ගිණුමේ තැන්පත් කර තිබූ රුපියල් 1,35,580 ම ගෙන ඉතිරි රුපියල් 15,000 සියයට දහයේ පොළියට ලබා ගැනීමෙනුයි.මේ මොහොත වන විටත් ඇය ඒ රුපියල් 15,000 වෙනුවෙන් පොළිය ගෙවන අතර ඇයට එසේ රුපියල් 15,000ක් පොළියට ගැනීමට සිදු වූයේ මේ අය රුපියල් 1,50,000 ම එක වර ඉල්ලා සිටි නිසයි.

මේ අතර උපාධිධාරීන්ට ලංකා බැංකුවේ රැකියා ලබා දෙන අවස්ථාවේදී, මේ උපුල් දිසානායක නැමැත්තා එම බැංකුවේ රැකියාවක් ලබාදීම සඳහා කළමනාකරණ උපාධියක් සහිත මිල මුදල් සහ යාන වාහන තිබෙන තරුණියකගෙන් රුපියල් ලක්ෂ 10ක් ලබා ගත්තා.

ඊට අමතරව රැකියාව ලබා දෙනතුරුම මොහු ඇයට ඇයගේ ජංගම දුරකතනයට කතා කරමින් ඇයගෙන් ලිංගික අල්ලස් ද ඉල්ලා ඇති අතර ඇයගේ යාන වාහන ද රිසි සේ පාවිච්චි කළා. මේ ලිංගික අල්ලස්,සල්ලි සහ යාන වාහන දිගින් දිගටම ඉල්ලා සිටින තත්ත්වය ඉවසා ගත නොහැකිව ඇය අවසානයේදී සිය දිවි නසා ගන්නා මට්ටමට පත් වුණා.එහිදී මේ ගැන දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභපති ශිරන්ත හේරත් මහතාට පැමිණිලි කළා.

අනතුරව ඔහු ඒ ගැන වහාම ක්‍රියාත්මක වන පරිදි සාගල රත්නායක මහතාට පැමිණිලි කළා.ඒ අනුව සාගල රත්නායක මහතා එම තරුණියත්,උපුල් දිසානායක සහ ශිරන්ත හේරත් මහතා ඇතුළු අපව මාතර,මොරවක පිහිටි සිය නිවසට කැඳවා මේ සිද්ධිය ගැන කරුණු විමසා සිටියා.

ඒ තරුණිය එහිදී ලංකා බැංකුවේ රැකියාව ලබාදීම සඳහා තමාගෙන් මුදල් ඉල්ලා ගත් ආකාරය,තමාගෙන් ලිංගික අල්ලස් ගත් හැටි සහ සිය යාන වාහන පාවිච්චි කළ ආකාරය ඇඬු කඳුලින් විස්තර කළා.සාගල රත්නායක අමාත්‍යවරයා ඒ සියල්ල අසා ගෙන සිටියා විනා ඇයට තරුණියක් ලෙස සිදු වූ අසාධාරණය සහ අපහාසය සම්බන්ධයෙන් සිය ගෝලයින්ට එරෙහිව කිසිම පියවරක් ගත්තේ නැහැ.

උපුල් දිසානායක ඇතුළු සාගල රත්නායක මහතාගේ ගෝලයින් රැකියා ලබා දෙන බව කියමින් සහ රැකියා විකුණමින් ලබා ගන්නා මුදල් යන්නේ ඔහුගේ නමින් ලංකා බැංකුවේ  තිබෙන “75859363” සහ එච්.කේ.ටී සුභාෂිණි යන ඔහුගේ බිරියගේ නමින් එම බැංකුවේම තිබෙන “4748062” යන අංකය දරන ගිණුමටයි.සමහර දවස්වල දී මේ ගිණුම් දෙකට රුපියල් ලක්ෂ 10 බැගින් බැර වී තිබෙන බව එම ගිණුම් පරීක්ෂා කළොත් ඕනෑම අයෙකුට දැක ගන්න හැකියාව තිබෙනවා.

මේ උපුල් දිසානායකට සහ ඔහුගේ බිරියට එවැනි අදායම් ලැබෙන රැකියා හෝ දේපොළ නොමැති අතර ඔහු පදිංචිව සිටින්නේ මසකට රුපියල් 30,000ක කුලී පදනම යටතේ ලබා ගත් නිවසකයි.ඔහුට දරු දැරියන් තිදෙනකු සිටින අතර ඒ අය යන්නේ ජාත්‍යන්තර පාසල්වලටයි.” යනුවෙන් ද එම පිරිස "lankanewsweek" සමග වැඩි දුරටත් හෙළි කර සිටියහ.

සාගලගේ සමරිසි කල්ලිය රැකියා විකුණා කෝටි ගණන් හොයලා..! සාගලගේ සමරිසි කල්ලිය රැකියා විකුණා කෝටි ගණන් හොයලා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
සාගලගේ සමරිසි කල්ලිය රැකියා විකුණා කෝටි ගණන් හොයලා..! | Lanka Newsweek