සාගරව උස්සලා පොළවේ ගහනවා -මහින්දානන්ද-

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයාට එරෙහිව එම පක්ෂය අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" වෙත තහවුරු කර සිටියේය.…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයාට එරෙහිව එම පක්ෂය අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" වෙත තහවුරු කර සිටියේය.
සාගර කාරියවසම් මහතාට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙනවා යැයි කියන විරෝධය සම්බන්ධයෙන් එම ජ්‍යෙෂ්ඨ ප්‍රකෂකයාගෙන් "lankanewsweek" කළ විමසීමේ දී ඔහු කියා සිටියේ අවස්ථා දෙකක දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඔහුට පහර දීම සඳහා උත්සහ කළ බවය.
ඔහුට මෙසේ පහර දීමට උත්සහ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් බව තහවුරු කළ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ සාගර කාරියවසම් මහතාව උස්සා පොළවේ ගසන බව යැයි ද සඳහන් කළේය.