සාගතය අත ළඟ..!

ඔක්තෝබරයේ සිට මෙට්‍රික් ටොන් 195,000ක සහල් හිඟයක් වී අස්වැන්නෙන් 50%ක් අඩු වෙලා බඩ ඉරිඟු අස්වැන්නෙන් 70%ක් අඩු වෙලා 2022 ඔක්තෝම්බර් මාසයේ සිට සෑම මාසයකම වගේ මසකට සහල් මෙට්‍රික් ටොන් 195,000ක පමණ…
ඔක්තෝබරයේ සිට මෙට්‍රික් ටොන් 195,000ක සහල් හිඟයක්
වී අස්වැන්නෙන් 50%ක් අඩු වෙලා
බඩ ඉරිඟු අස්වැන්නෙන් 70%ක් අඩු වෙලා
2022 ඔක්තෝම්බර් මාසයේ සිට සෑම මාසයකම වගේ මසකට සහල් මෙට්‍රික් ටොන් 195,000ක පමණ හිඟයක් රටේ ඇති වනු ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අනතුරු අඟවා සිටියි.
බත සපයන වී වගාවේ අස්වැන්නෙන් 50%ක් සහ බඩ ඉරිඟු වගාවේ අස්වැන්නෙන් 65%ත් 70%ත් අතර ප්‍රමාණයක් රටට-ජනතාවට අහිමි වූ අඳුරු මහ කන්නයක ප්‍රතිඵල රටක් ලෙස අත්විඳිමින් සිටින බව පෙන්වා දෙන මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රධාන වශයෙන් වී වගා කරන මේ කන්නයේ දී වී වගාවේ අස්වැන්න 50%කටත් වැඩි අගයකින් අඩු වනු ඇතැයි ද කියා සිටියි.
ඒ අනුව මේ අවස්ථාවේ කළ යුත්තේ ඉදිරි මහ කන්නය ඉතා සර්ථක කන්නයක් බවට පත් කිරීමට මේ මොහොතේ සිටම කටයුතු කිරීම වන අතර ඉදිරි මහ කන්නයට අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය නිසි ආකාරව නිපදවා ගත යුතු බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ය.
මේ කන්නයේ දී, දැනට වගා කර නොමැති කුඹුරු ඉඩම් මුං වැනි පෝෂ්‍යදායී භෝගයකට හැකි උපරිම ආකාරයෙන් යොමු කළ යුතු බව ද විශ්ව විද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.