ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන විය යුතුමයි

නුසුදුසු පුද්ගලයන් ඊට පත් නොකළ යුතුයි 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සදහා නව සාමාජිකයන් පත් කිරීමේ දී සමාජයේ පිළි ගැනීමට හේතු වන අපක්‍ෂපාතී සහ කීර්තිමත් පුද්ගලයන් පත්…
නුසුදුසු පුද්ගලයන් ඊට පත් නොකළ යුතුයි
21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සදහා නව සාමාජිකයන් පත් කිරීමේ දී සමාජයේ පිළි ගැනීමට හේතු වන අපක්‍ෂපාතී සහ කීර්තිමත් පුද්ගලයන් පත් කර ගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සේම සිවිල් සමාජය ද සිය බලවත් අවධානය යොමු කළ යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
පසුගියදා සම්මත කර ගත් 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සදහා නව සාමාජිකයන් පත් කිරීමේ දී සමාජයේ පිළි ගැනීමට හේතු වන අපක්‍ෂපාතී සහ කීර්තිමත් පුද්ගලයන් පත් කර ගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂයන් සේම සිවිල් සමාජය ද සිය බලවත් අවධානය යොමු කළ යුතුව තිබේ.
දැන්වීම
එමෙන්ම පසුගිය කාලයේ බලාත්මකව පැවැති ස්වාධීන කොමිෂන් සභා නියෝජනය කළ සාමාජිකයන් අතර සිටි එවැනි සුදුසුකම් සහිත දක්‍ෂ පුද්ගලයන් යළි පත් කර ගැනීමට ඇති අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කරන ප්‍රමාණයටම දේශපාලන පක්‍ෂ ක්‍රියාකාරිත්වයන්හි නිරත වූ බවට පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල වූ පුද්ගලයන් නැවත එවැනි තනතුරුවලට පත් කිරීමට කටයුතු නොකළ යුතු බව ද අප අවධාරණය කරන්නෙමු.
පසුගිය කාලයේ දී මේ පිළිබඳව වන අපගේ ස්ථාවරය පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ. ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් ලෙස අතීතයේදී පත් කරන ලද සියලුම සාමාජිකයන් ඉවත් කළ යුතුව ඇතයි එහිදී අප කිසිවිටෙකත් ප්‍රකාශ කර නැත. ඒ අනුව එම කොමිෂන් සභාවන්හි සාමාජිකයන් ලෙස ද කටයුතු කර තිබෙන දක්‍ෂ, කීර්තිමත් සහ අපක්‍ෂපාතී පුද්ගලයන් නැවතත් පත් කර ගැනීම සුදුසු බව අප ද විශ්වාස කරන අතරතුර පසුගිය කාලයේ බරපතළ චෝදනා එල්ල වූ කිසිවෙකුට හෝ එම අවස්ථාව හිමි විය යුතු නැතයි ද එහිදී අපි අවධාරණය කරන්නෙමු.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සෑම ස්වාධීන කොමිෂන් සභාවක් සදහාම සාමාජිකයන් පත් කර ගත යුතුව ඇත්තේ එක් එක් දේශපාලන පක්‍ෂවල හෝ බලවතුන්ගේ අපේක්ෂා සහ සිතැඟියාවන් අනුව නොව රටේ ඉදිරි යහපැවැත්ම උදෙසා සිය උපරිම කාර්‍ය්භාරය මනා ලෙස හැසිර විය හැකි පුද්ගලයන් කෙරෙහි සැලකිලිමත් වෙමිනි. එහිදී තරුණ සහ කාන්තා නියෝජනයක් අන්තර්ගත වීම ද අතිශයින්ම වැදගත්ය.
එය මේ රටේ දැනුම්වත් සහ යුක්ති ගරුක පුරවැසියන්ගේ සේම අනෙකුත් සිවිල් සමාජ ව්‍යාපාරයන්හී ද ස්ථාවරය වන බව රටේ වග කිව යුත්තන් මැනවින් අවබෝධ කර ගැනීම වැදගත්ය .