අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ස්නයිපර් වෙඩික්කරුවන් 39ක් විසිර යති

ස්නයිපර් වෙඩික්කරුවන් 39ක් විසිර යති

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 19 වන දීර්ඝ කාලීන ස්නයිපර් පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකරන ලද වෙඩික්කරුවන්ගේ විසිර යෑම, ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් එල් එම් මුදලිගේ මහතාගේ…

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 19 වන දීර්ඝ කාලීන ස්නයිපර් පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකරන ලද වෙඩික්කරුවන්ගේ විසිර යෑම, ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් එල් එම් මුදලිගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ, දියතලාව, නරියකන්දේ පිහිටි ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍ෂෙත‍්‍ර වෙඩි පිටියේදී පැවැත්වුණි.

මේ ස්නයිපර් පුහුණු පාඨමාලාව ශ‍්‍රි ලංකාවේ විවිධ භූගෝලීය විෂමතා සහිත ප‍්‍රදේශ තෝරා ගෙන ක්‍රියාත්මක කරන ඉතා දුෂ්කර හමුදා පුහුණු පාඨමාලාවක් බව ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.දියතලාවේ පිහිටි ශ‍්‍රි ලංකා යුද්ධ හමුදාවේ ප‍්‍රගුණ හා සැගවුණ වෙඩික්කරු පුහුණු පාසැල මගින් පවත්වන ලද මෙම ස්නයිපර් පුහුණු පාඨමාලාව තිස් නව දෙනකු  සාර්ථකව නිමකර තිබේ.

ස්නයිපර් වෙඩික්කරුවන් 39ක් විසිර යති

මෙම තිස් නව දෙනාගෙන් තිස් එක්  දෙනෙකු ශ‍්‍රි ලාංකිකයින් වන අතර ඉතිරි අට දෙනා විදේශීය හමුදාවල සාමාජිකයින්ය. ශ‍්‍රී ලාංකිකයින් තිස් එක්  දෙනාගෙන් විසි නව  දෙනෙකු ශ්‍රී  ලංකා යුද්ධ හමුදාවේ විවිධ පාබල රෙජිමේන්තුවලට අයත් වන අතර අනෙක් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහා ශ‍්‍රී ලංකා නාවුක හමුදාවේය.

දැන්වීම

විදේශීය හමුදාවන් නියෝජනය කරමින් මෙම පුහුණු පාඨමාලාව හදාරා ඇත්තේ කැප්ටන් සංජය අධිකාරි (නේපාලය), කැප්ටන් මහේෂ් චන්දි තාකූරී (නේපාලය), කැප්ටන් අරපතුල් අලාම් (බංගලාදේශය), කෝප‍්‍රල් අබුබ් හුසේන් (බංගලාදේශය), සාජන් තරංජිත් සිං (ඉන්දියාව), සාජන් සතේන්ද්‍ර සිං (ඉන්දියාව), මාණ්ඩලික සැරයන් මෙහොමඞ් සාෆික් (මාලදිවයින) සහ සාජන් ඊබ‍්‍රාහිම් මසීම් (මාලදිවයින) යන අට  දෙනාය.

පාඨමාලාව නිම කළ තිස් නව  දෙනා අතරින් හොදම ස්නයිපර් ලෙස සම්මානයට පාත‍්‍ර වී ඇත්තේ ශ‍්‍රී ලංකා පාබල හමුදාවේ ඞී ජී ජී එම් සදරුවන් මහතාය.

මෙම පාඨමාලාවේ සුවිශේෂත්වය වන්නේ ස්නයිපර් වෙඩික්කරුවන් පුහුණුවෙන් පසුව ක‍්‍රියාන්විතයේදී වුවද පාලනය කරනු ලබන්නේ ප‍්‍රගුණ සහා සැගවුණ වෙඩික්කරු පුහුණු පාසැල මගින්ම වීමය ඊට අමතරව ස්නයිපර් වෙඩික්කරුවෙක් සදහා වෙනමම නමක් ලබාදීමටද ප‍්‍රගුණ සහා සැගවුණ වෙඩික්කරු පුහුණු පාසැල කටයුතු කරණු ලබයි.

මෙම 19 වන විශේෂ ස්නයිපර් පුහුණු පාඨමාලාව ආරම්භ කරන ලද්දේ 2017 අපේ‍්‍රල් 20 වනදා වන අතර එහි පුහුණුවීම් 2017.12.20 දින දක්වා පුරා මාස අටක කාලයක් දිවයිනේ විවිධ ප‍්‍රදේශයන්හි විවිධ කාලගුණික තත්ත්වයන් යටතේ පවත්වා ඇත.

දියතලාව, යුද්ධ හමුදා ක්‍ෂෙත‍්‍ර වෙඩි පිටිය, ඇඹිලිපිටියේ යුද්ධ හමුදා පුහුණු බල ප‍්‍රදේශ, දියතලාව, බොරලන්ද වන අශ‍්‍රීත ප‍්‍රදේශ, කල්පිටියේ යුද්ධ හමුදා පුහුණු බල ප‍්‍රදේශ, මාදුරුඔය, වන ආශ්‍රිත පුහුණු බල ප‍්‍රදේශ සහ රහස්‍ය තවත් ප‍්‍රදේශයන්හි මෙම පුහුණු වීම් සිදු කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ ස්නයිපර් වෙඩික්කරුවන් පුහුණු කරන ප‍්‍රගුණ සහා සැගවුණ වෙඩික්කරු පුහුණු පාසැල ආරම්භ කර ඇත්තේ 1990 ඔක්තෝම්බර් 01 දිනය. ඒ ලූතිනන් ජනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙනි. එදා මෙදා තුර ස්නයිපර් පුහුණු පාඨමාලා 18 ක් පවත්වා ඇත. මේ දක්වා යුද්ධ හමුදා ක‍්‍රියාන්විතයේදී ස්නයිපර් වෙඩික්කරුවන් දොළොස් දෙනෙකු මිය ගොස් තිබේ.

යුද්ධයේදී මිය ගිය පළමු ස්නයිපර් වෙඩික්කරුවා වන්නේ මේජර් ඞී එස් ද සිල්වාය. ඩිංගෝ නමින් හදුන්වන ඔහු 1997.05.04 දින තාන්ඩිකුලම්හිදී ජීවිතක්ෂයට පත් විය.

මේජර් එස් එම් එස් සමරකෝන් ජීවිතක්ෂයට පත්වන්නේ 2000.09.09 දින චාවාකච්චේරියේදිය. ඔහු මාර්ෂල් නමින් හදුන්වනු ලැබීය. මලිබු නමින් හදුන් වනු ලැබූ  මේජර් ආර් කේ මද්දුමගේ මිය යන්නේ 2005.01.23 දින මූහමාලේදීය. ක්‍රෝණී නමින් හදුන්වනු ලැබූ , සාජන් කේ රත්නායන  1997.05.14 දින  ඕමත්තේදී ජීවිතක්ෂයට පත් විය. සෙන්සර් මිය යන්නේ 2009.02.04 දින මුලතිව්වලදීය. ඔහු සාජන් චමින්දය. සාජන් ජේ ඒ ආර් මාර්ලිකර් මිය යන්නේ 2009.02.04 දින විශ්වමඩුවලදිය. ඔහු ටයිට් නමින් හදුන්වයි. සාජන් ඊ එම් විජේරත්න හදුන්වනු ලබන්නේ ලාරා නමිනි. ඔහු 2009.02.31 දින මූහමාලේහිදී ඝාතනයට ලක් විය. කෙටා නමින් හදුන් වනු ලැබූ සාජන් විජේවර්ධන 2009.01.07 දින අලිමංකඩදී මිය ගොස් තිබේ.

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ සු‍්‍රප‍්‍රසිද්ධ ස්නයිපර් වෙඩික්කරුවා වූයේ නීරෝය. නමින් ඩබ්ලිව් ඩබ්ලිව් ඊ පේ‍්‍රමසිරි නම් වූ ඔහු මිය යන්නේ 2009.01.28 දින පුදුමාතලන්හිදීය.ක්‍රෝප‍්‍රල් රත්නසිරි, මිරර් නමින් හදුන්වයි. ඔහු 2009.04.20 දින පුදකුඩඉරිප්පුහිදී මිය ගියේය. ක්‍රෝප‍්‍රර් ආර් පී ඒ පුෂ්පකුමාර, සුමීය. ඔහු 2009.04.09 දින පුදකුඩඉරිප්පුවලදි ජීවිතක්ෂයට පත්ව තිබේ.අවසන් වරට ස්නයිපර් වෙඩික්කරුවෙක් මිය ගොස් ඇත්තේ 2001.01.23 දිනය. ඒ ලාන්ස් ක්‍රෝප‍්‍රල් පී කේ සී අයි බී තෙන්නකෝන්ය. ඔහුගේ ස්නයිපර් වෙඩික්කරු නාමය වන්නේ කුණ්ඩාය.

මෙම ස්නයිපර් වෙඩික්කරුවන් විසිර යෑමේ අවස්ථාවට ශ‍්‍රි ලංකා ප‍්‍රගුණ වෙඩික්කරු සහා ස්නයිපර් පුහුණු පාසැලේ සේනාවිධායක බි‍්‍රගේඩියර් පී එම් එල් චන්ද්‍රසිරි මහතා ඇතුළු විසිර ගිය ස්නයිපර් වෙඩික්කරුවන්ගේ පවුලේ ඥාතීන් විදේශීය ස්නයිපර් වෙඩික්කරුවන්ගේ හමුදාවන් නියෝජනය කරමින් නියෝජිතයින්ද සහභාගී විය.

  ස්නයිපර් වෙඩික්කරුවන් 39ක් විසිර යති
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ස්නයිපර් වෙඩික්කරුවන් 39ක් විසිර යති | Lanka Newsweek