සහල් ව්‍යාපාරිකයින් ඉදිරියේ පසුබට වෙන්නේ නෑ

(හේමන්ත තුසිත කුමාර) මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් දිගින් දිගටම රජයට අභියෝග කරමින් කටයුතු කළහොත් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර්…
(හේමන්ත තුසිත කුමාර)
මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් දිගින් දිගටම රජයට අභියෝග කරමින් කටයුතු කළහොත් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා පැවසීය.
"මෙම සහල් ව්‍යාපාරිකයන් කීපදෙනා සපයන්නේ ශ්‍රී ලංකාවේ සහල් ඉල්ලුමෙන් සියයට 16 ක් වැනි සුඵ ප්‍රමාණයක්. ඉන් වැඩි සහල් ප්‍රමාණයක් සම්බා සහ කීරි සම්බා සහල්. සහල් සැපයුමේ ඉතිරි සියයට 84 පිළිබඳව රජය දැඩි විශ්වාසයෙන් කටයුතු කරනවා."
සහල් සැපයුමේ ප්‍රශ්නයක් පසුගිය දින කීපයේ පැවතුනත් සතොසට සහල් ලැබීමත් සමඟ මේ වන විට එම ප්‍රශ්නය නිරාකරණය වී ඇති බවද එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.