සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු වීමට ජනපති පෙරමුණ ගනී

මන්ත්‍රීවරුන් 225ට ම ජනපතිගෙන් විශේෂ ලිපියක් දේශපාලන පක්ෂ-පාට නොතකා රට වෙනුවෙන් එකතු වෙමු සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක් වන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු…
මන්ත්‍රීවරුන් 225ට ම ජනපතිගෙන් විශේෂ ලිපියක්
දේශපාලන පක්ෂ-පාට නොතකා රට වෙනුවෙන් එකතු වෙමු
සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක් වන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විශේෂ ලිපියක් යොමු කර තිබේ.
එම ලිපිය මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට සමගාමීව රටේ නිර්මාණය වී තිබෙන දේශපාලනික සහ සමාජීය අරාජිකත්වය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීමට රජය මහත් පරීශ්‍රමයක් දරමින් සිටින බවයි.
රට හමුවේ පවතින අභියෝග ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ, විද්වත් කණ්ඩායම් සහ සිවිල් සංවිධාන ආදී සියලුම පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.
දැන්වීම
මේ මොහොතේ ජනතාවගේ අභිප්‍රාය වන්නේද පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔවුන්ගේ මහ ජන නියෝජිතයින් සියලු දෙනා පොදු වැඩ පිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීමට කටයුතු කරනු ඇති බව යැයි ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ඒ අනුව ජාතික වගකීම ඉටු කිරීම සඳහා ඉදිරි පියවර පිළිබඳ පුඑල් සංවාදයක් ගොඩ නැගීමට තමා අදහස් කරන බවත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සේම ඔවුන් නියෝජනය කරන පක්ෂවල එකඟතාවය කඩිනමින් ලබා දෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියි.