අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සර්ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයෙන් මෙහෙයුම් කමිටුවක්

සර්ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයෙන් මෙහෙයුම් කමිටුවක්

කැඳවුම්කරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක රටේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය හමුවේ රටේ පිළිගත් විවිධ පාර්ශ්ව විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුදයන්ට විසදුම් සෙවීමේ වැඩ පිළිවෙළකට යොමු වන…

කැඳවුම්කරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක 

රටේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය හමුවේ රටේ පිළිගත් විවිධ පාර්ශ්ව විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුදයන්ට විසදුම් සෙවීමේ වැඩ පිළිවෙළකට යොමු වන ලෙසට සිදු කරන ඉල්ලීම් හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු වීමේ මූලික පියවර වශයෙන් විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කොට මෙහෙයුම් කම්ටුවක් ස්ථාපිත කර තිබෙන අතර ඊට සාධනීය ප්‍රතිචාර හිමි වෙමින් තිබේ. 

ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු වශයෙන් පත් කර කටයුතු සිදු කිරිමට යෝජනා වූ අතර, ඒ අනුව ප්‍රධාන වශයෙන් රටේ උද්ගතව ඇති අර්බුදයන්ට විසදුම් ලබා දීමේ අරමුණැතිව  කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ඉලක්ක සපුරාලීමේ අවම වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරිමට විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජනයෙන් ආර්ථීක සහ දේශපාලන කමිටු දෙකක් ස්ථාපිත කෙරිණ. 

ආර්ථීක කමිටුව ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන කමිටුව දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කිරිමටද තීරණය වී ඇත. 

දැන්වීම

ඒ අනුව රටේ උද්ගතව ඇති අර්බුදයන්ට විසදුම් ලබා දීමේ අරමුණැතිව කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ඉලක්ක සපුරාලීමේ අවම වැඩ පිළිවෙළ මෙම මෙහෙයුම් කමිටුව නියෝජනය කරන විපක්ෂයේ සියලු පක්ෂ වෙත ඉදිරිපත් කොට එම පක්ෂ නායකයින්ගේ අනුමැතියෙන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට එම යෝජනා ඉදිරිපත් කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරිම උදෙසා බහුතරය ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කිරිමට සැලසුම් කොට ඇත. 

වර්තමානයේ රටේ සියලු ජනතාව මුහුණ පා සිටින දැඩි පීඩනකාරි තත්ත්වය සමනය කිරිම සදහා ප්‍රධාන වශයෙන් ආහාර සහ කෘෂිකර්මාන්තය, ඉන්ධන-විදුලිය යනාදි බල ශක්තිය, අධ්‍යාපන, සෙෘඛ්‍ය සේම ප්‍රවාහන යන අත්‍යාවශ්‍ය සේවා සදහා කඩිනම් සහන සහ විසදුම් ලබාදීම මෙම මෙහෙයුම් කමිටුවේ මූලික අරමුණ වේ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සර්ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයෙන් මෙහෙයුම් කමිටුවක් | Lanka Newsweek