සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ United Youth ජාතික මෙහෙවර අගයති

කලක සිට රටට පැවති අවශ්‍යතාවයක් රටේ දේශපාලන දිශානතිය තීන්දු කරන ප්‍රබල සාධකයක් සුදත් චන්ද්‍රසේකරට ආචාරය..! රටේ සහ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් රට පුරා ජනතාව දැනුම්වත් කරමින් ද, ජනතාව සංවිධානය…
කලක සිට රටට පැවති අවශ්‍යතාවයක්
රටේ දේශපාලන දිශානතිය තීන්දු කරන ප්‍රබල සාධකයක්
සුදත් චන්ද්‍රසේකරට ආචාරය..!

රටේ සහ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් රට පුරා ජනතාව දැනුම්වත් කරමින් ද, ජනතාව සංවිධානය කරමින් සහ ජනතාවගේ අවශ්‍යතා සොයා බලමින් "United Youth" තරුණ බලවේගය සිදු කරන ජාතික මෙහෙවර මේ මොහොතේ රටට අතිශයින්ම වැදගත් වන්නේ යැයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කර සිටිති.
ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ් වාස්, ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ, එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙන්වා දෙන්නේ මෙවැනි මැදිහත් වීමක් සිදු කළ හැකි ප්‍රබල තරුණ බලවේගයක අවශ්‍යතාවය කලක සිට රටට පැවති බවය.
දැන්වීම
"United Youth" මැදිහත් වීම හේතුවෙන් ශ්‍රී ලාංකේය තාරුණ්‍ය බිලි ගැනීම මිනී මාරු ජනතා විමුක්ති පෙරමුණට සහ අනෙකුත් අන්තවාදී, බල ලෝභී, පටු සහ දර්ශනයක්, වැඩ පිළිවෙළක් සේම ජාතික සහ ජාත්‍යන්තර ඉලක්කයන් නොමැති දේශපාලන පක්ෂවලට අභියෝගයක් වී තිබෙන බව ද එම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පෙන්වා දුන්හ.
රට අතිශය තීරණාත්මක මොහොතකට මුහුණ දී සිටින අවස්ථාවක "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ "United Youth" නිර්මාණය කරමින් රට පුරා ජනතාව දැනුම්වත් කරමින් සංවිධානය කිරීමට එහි සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සිය ආචාරය පුද කරන බව ද ඔවුහූ පැවසූහ.
ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ් වාස්, ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ, එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩි දුරටත් අවධාරණය කර සිටියේ, අනාගතයේ දී රටේ දේශපාලන දිශානතිය සහ අනාගතය තීරණය කරන ප්‍රබල සාධකයක් බවට "United Youth" පත් වනු ඇති බවය.

