සරසවි ප්‍රජාව සජිත් හැර යති

ජාතික බුද්ධි මණ්ඩපය දෙදරයි සජබයේ යටි බිම් ගත නායකයින් දෙදෙනාට විරෝධය රංජන් බණ්ඩාරත් දේශපාලන තීන්දුවක් ගනී..? සජිත් එක්ක බෑ-උගත්තු කියති..! සමගි ජන බලවේගයේ සරසවි ප්‍රජාව ලෙස විපක්ෂ නායක සජිත්…
ජාතික බුද්ධි මණ්ඩපය දෙදරයි
සජබයේ යටි බිම් ගත නායකයින් දෙදෙනාට විරෝධය
රංජන් බණ්ඩාරත් දේශපාලන තීන්දුවක් ගනී..?
සජිත් එක්ක බෑ-උගත්තු කියති..!

සමගි ජන බලවේගයේ සරසවි ප්‍රජාව ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මතවාදීව සහය පළ කළ එම පක්ෂයේ ජාතික බුද්ධි මණ්ඩපය නියෝජනය කරන විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් රැසක් මේ වන විට ඔහු අත හැර ගොස් ඔහුට එරෙහිව දේශපාලන වශයෙන් බරපතළ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.
මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අමනෝඥ ක්‍රියාකලාපය, පටු දේශපාලන දැක්ම, රට-ජනතාව ගැන නොසිතා සිය පෞද්ගලික බල දේශපාලන අරමුණු පමණක් මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියා කිරීම සහ උගතුන්-බුද්ධිමතුන් නොසලකා හැරීමය.
දැන්වීම
සමගි ජන බලවේගයේ යටි බිම් ගත නායකයින් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිය වන ජලනි ප්‍රේමදාස මහත්මිය සහ ඔහුගේ ඔහුගේ හොඳම මිතුරා වන ලක්ෂ්මන් ෆොන්සේකා මහතා පක්ෂය සම්පූර්ණයෙන්ම මෙහෙය වීම ද මේ තත්ත්වයට හේතු වී තිබෙන අතර මේ හේතුවෙන් ජාතික බුද්ධි මණ්ඩපය දෙදෙරා ගොස් තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ අත හැර ගොස් ඔහුට එරෙහිව දේශපාලන වශයෙන් ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ, ජාතික බුද්ධි මණ්ඩපයේ උප සභාපති ආචාර්ය අතුලසිරි සමරකෝන්, විධායක සභික මහාචාර්ය බරණ ජයවර්ධන, උප සභාපති ආචාර්ය අනුප ජයවර්ධන, විධායක සභික මහාචාර්ය නිලන්ත ලියනගේ සහ විධායක සභික මහාචාර්ය චාමින්ද අබේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසකි.
මේ අතර මහාචාර්ය බරණ ජයවර්ධන මහතා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා ලෙස ද, ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා එහි මහා ලේකම්වරයා ලෙස ද, ආචාර්ය අනුප ජයවර්ධන මහතා උප සභාපතිවරයා ලෙස ද, මහාචාර්ය නිලන්ත ලියනගේ මහතා උප සභාපතිවරයා ලෙස ද, මහාචාර්ය චාමින්ද අබේසිංහ මහතා මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස ද පත්ව සිටිති.
මේ කණ්ඩායම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ බලය ඇල්ලුවාට පසුව සජිත් ප්‍රේමදාස මහතා උත්සහ කළේ ඔහුගේ න්‍යාය පත්‍රයට අනුව එම සංවිධානය මෙහෙය වීමට වුවත් අවසනයේ සිදුව ඇත්තේ ඔවුන් එකතු වී සජිත් ප්‍රේමදාස මහතාගේ නොහැකියාව ලොවටම කියා පෑමය.
සමගි ජන බලවේගයට අනුබද්ධිතව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මෙම ජාතික බුද්ධි මණ්ඩපය ගොඩනැගුවේ දේශපාලනයේ යටි බිම් ගත නියමුවෙකු ලෙස සැලකෙන රංජන් බණ්ඩාර මහතා වන අතර ඔහු ද ඉදිරියේ දී සිය සරසවි සගයින් සමග දේශපාලන තීන්දුවක් ගනු ඇතැයි දැන ගන්නට තිබේ.