අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සරත් ෆොන්සේකා සී.අයි.ඩී එයි..!

සරත් ෆොන්සේකා සී.අයි.ඩී එයි..!

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් වධ හිංසා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් වධ හිංසා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබාදීම සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට වන අතර කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් වධ හිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම  දෙපාර්තමේන්තුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් මෙසේ  ප්‍රකාශ සටහන් කර ගන්නේ දෙවැනි වතාවටය.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගිය අවධියේ යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ සරත් ෆොන්සේකා මහතාය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සරත් ෆොන්සේකා සී.අයි.ඩී එයි..! | Lanka Newsweek