අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සරත් ෆොන්සේකාගේ පොලිස් ඇමැතිකමත් වැට උඩ..?

සරත් ෆොන්සේකාගේ පොලිස් ඇමැතිකමත් වැට උඩ..?

(උපුල් බණ්ඩාර) ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ විවිධ තර්ක විතර්ක සහ මතවාද ඇති වී තිබේ. ශ්‍රී ලංකා නිදහස්…

(උපුල් බණ්ඩාර)

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ විවිධ තර්ක විතර්ක සහ මතවාද ඇති වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් පිරිසක් විවිධ කරුණු දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් තව දුරටත් සිතා බලන ලෙසය.

කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකා මහතාට ලබා දිය යුතු බවට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සරත් ෆොන්සේකාගේ පොලිස් ඇමැතිකමත් වැට උඩ..? | Lanka Newsweek